"මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදීම නිසා ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවැත්වෙන කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් යොමු කර ඇත.
නව පරපුරේ ගායිකාවක ලෙස ලාංකීය ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇය ලබාගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින්, ඇයට මෙම ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ඉඩම් කැබැල්ල බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් ලබා දීමට යෝජනා වී ඇති අතර,1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ට ලබාදී ඇති ඉඩම් කොටස් වලට යාබදව එම ඉඩම් කැබැල්ල පිහිටා ඇති බවද පැවසේ.
මින් ඉහත පාර්ලිමේන්තුවට කැඳවා යොහානි ද සිල්වාට උපහාර දැක්වීමට සූදානමක් පැවතියත් මන්ත්‍රීවරියන්ගේ සංසදයේ විරෝධය නිසා එය අත්හැර දමන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval