doctor-strike

මාරු මණ්ඩල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනාගැනීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද(20) පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 

ඒ අනුව, මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මකය.
අද පෙරවරු 8.00 සිට වර්ජනය ක්‍රියාත්මක වන නමුත්, හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක බව දන්වා ඇත.