මහනුවර - වත්තේගම - මීගම්මන ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පළා ගිය ගැහැණු ළමයින් පස් දෙනාගෙන් 3 දෙනෙකු මේ වනවිට සොයාගෙන තිබෙයි.
රජයේ ළමා නිවාසයක් වන මෙහි පාලිකාවන්ට රහසින් දැරියන් පළාගිස් තිබුනේ 7 වැනි දායි.
ළමයින් පස් දෙනා පසුගිය පළා ගොස් තිබුණේ, ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලට ගොස් යළි පැමිණෙන අතරේදීය.මොවුන් අවුරුදු 16ත් 18ත් අතර වයස්වල පසුවන දැරියන් බව කියැවිණි.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් සිය නිවෙස් වෙත ගොස් සිටිය දී මෙලෙස සොයා ගත් බවයි.
ඔවුන් ළමා නිවාසයේ සිටීමට අකමැති බවත් ඒ නිසා පැනගිය බවත් පොලිසියට දන්වා තිබුණි.
පසු ව පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව වෙනත් ළමා නිවාසයක් වෙත යොමු කර තිබෙයි. අනෙක් ළමයින් දෙදෙනා ද සිය නිවෙස් වෙත හෝ ඥාති නිවෙස් වෙත ගොස් ඇති බව සැක කරන අතර තවම සොයාගෙන නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval