tna-mp-dead-body

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියම් ශිවපාලන්  අබිරහස් ලෙස මියගොස් යාපනය තනන්කිලප්පු ගම්මානයේ අරුකුවේලිහි පාළු නිවසක තිබියදී සොයාගෙන තිබේ.


හතළිස් නව හැවිරිදි  මන්ත්‍රීවරයා මියගොස් සිටි නිවස දෙසින් කුණු ගදක් හමන්නට වූ නිසා ගම්වාසීන් කීප දෙනෙකු එහි ගොස් විපරම් කොට බැලීමේදී මළසිරුර හමු  වී තිබේ.  
වලිකාමම් දකුණ ප්‍රාෙද්ශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
චාවාකච්චේරී පොලීසියේ නිලධාරීන් පැමිණ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා චාවාකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.