අවුරුදු 7ක් වයසැති බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරිමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30 බතල වැඩ ඇතිව වසර 10ක සිර දඩුවමක් නියම කළේය.



තංගල්ල, කොහොඹගන්නොරුව ප්‍රදේශයේ පදිචි 41 හැවිරිදි අවිවාහකයෙකුට මෙසේ දඩුවම නියම කෙරීණි.සිරදඩුවමට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක් නියම කෙරුණු අතර දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවම් නියම කෙරුණි.

තවද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් නියම වූ අතර වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් වසරක සිරදඩුවමක් නියම කළේය.දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම කරන ලද දඩුවම් වෙන් වෙන්වන වශයෙන් ගෙවී යා යුතු බවටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරත් නියම කළේය. විත්තිකරු වින්දිත දැරියගේ නිවස ආසන්නයේ තාවකාලික කාමරයක නවාතැන්ගෙන සිටියදී ඇය අපයෝජනයට ලක් කොට ඇති බවට අනාවරණය වී තිබේ.



අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරු 33 හැවිරිදි වියේ පසුව ඇති බවත් ඔහු සිදුකර ඇති අශීලාචාර පිළිකුල් සහගත ක්‍රියාවට දැඩි දඬුවම් පමුණුවන ලෙසට පැමිණිල්ල මෙහෙයවමින් රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා මහාධිකරණයෙන් අයද සිටියේය. නඩු විභාගයේදී ඉදිරිපත්වූ සාක්ෂි, පොලිස් පරික්ෂණ, වෛද්‍ය වාර්තා වින්දිත දැරියගේ අනාගතයට සිදු වූ බලපෑම් ද සැලකිල්ලට ගනිමින් විත්තිකරුට ඉහත දඩුවම් නියම කෙරුණි.


(ගම්පහ - ටෝනී කරුණානායක)