bilda-arrested

මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී මෝටර් රථවල බලහත්කාරයෙන් ගැටී අනතුරට ලක්ව තුවාල සිදුවූ බවට රගපාමින් රියැදුරන් බිය ගන්වා මුදල් ලබා ගන්නා ලද පුද්ගලයෙකු පෙරේදා (29දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.

42 හැවිරිදි සැකකරු 'බිල්ඩා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ගල්කිස්ස පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුගේ ත්‍රිරෝද රථ අංකය හරහා කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.ගල්කිස්ස, අඟුලාන,

දෙහිවල, කළුබෝවිල, මොරටුව, ලුනාව ආදී ප්‍රදේශයන්හි ධාවනය කෙරෙන සුපිරි මෝටර් රථවලට සැකකරු පැත හෝ ඔහුගේ ත්‍රිරෝද රථය අදාළ මෝටර් රථයේ ගැටුණු බව පවසමින් ඔහුගේ අතෙහි ඇති ඔහු විසින්ම සිදු කරගන්නා ලද තුවාල පෙන්වා රියැදුරු බිය ගන්වමින් පොලීසියට නොගොස් සමත වීමට මුදල් අවශ්‍ය යැයි පවසමින් රියැදුරන්ගෙන් රුපියල් 5000 සිට 40,000 දක්වා අතර මුදල් සැකකරු ලබාගෙන ඇති බවට පරික්ෂණාවලදී අනාවරණය විය.

මෙලෙස බිය ගන්වමින් ලබා ගන්නා මුදල් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගෙන ඇති බවත් සැකකරු මීට පෙරද හෙරොයින් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින්නෙකු බවත් හෙළිවී තිබේ. ස

ැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිය ගල්කිස්ස පුෂ්පකුමාර මහතා, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(ගල්කිස්සේ - දිලංගා ගෝමස්)