සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩංගණයේ සේවකයින් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකින් මියයාමේ සිද්ධියක් වාර්තා විය.

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අදාළ තරඟ ලබන 20 වැනි දා සිට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට අවශ්‍ය වැඩකටයුතු වල ඔවුන් නිරතවී


සිටියදී ඔවුන් මෙම ප්‍රහාරයට මුහුණදී ඇත්තේ සිය සේවා මුරය අවසන් කර යළි නිවෙස් බලා යමින් සිටියදීය.

ඔවුන්ගේ සිරුරු මීටර 500ක දුර ප්‍රමාණයක් තුළ හමුවූ බවත්, තනි අලියෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.
මෙම කලාපයේ වන අලින් නිරන්තර සැරිසරන අතර අලි මිනිස්ගැටුම නිසා පීඩාවට පත් ප්‍රදේශයකි.