ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික ලංකාවෙන් හමුවූ බව දක්වා මාධ්‍ය ඉදිරියේ කරුණු ඉදිරිපත් විය.මෙහි බර කිලෝග‍්‍රෑම් 310කට ආසන්නය.
ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප‍්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඞ් රිසර්ච් ප‍්‍රයිවට් ලිමිටඞ් නම් ආයතනයට අයත් බව කියා තිබේ.
මෙරටින් හමුවූ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හෙවත් ආසියාවේ රැජින හමුවූ මැණික් නිධිය තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකි.
ඒ හේතුවෙන් එම ස්ථානය පිළිබඳව හෙළිකිරීමට මෙම මැණිකේ හිමිකරු අකමැති විය.
“අපි තාම මේ නිධියේ පර්යේෂණ සහ ගවේශන කරගෙන යනවා. ඒ තැන ගැන හෙළි කළොත් ඒකට බාධා ඇති වෙන්න පුළුවන්. “
ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික හිමි සමාගමේ හිමිකරු, මැණික් ගවේෂක චමිල සුරංග මහතා,
ඇල්මීනියම් ඔක්සයිඩ්, ටයිටේනියම්, අයන් සහ නිකල් එකතුවෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. කොරන්දම් තමයි මේක අයත්වන වර්ගය. දැනට ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි මේ වෙලාවේ මේක ලෝකයට ඉදිරිපත් කරන්න තීරණය කළේ.
අපි බලාපොරොත්තු වෙනවා මේක ඉහළ මිලකට ලෝකයේ ගැණුම්කරුවෙකුට ලබාදෙන්න. මේකට ඉදිරිපත් වෙන ඉහළම මිලට ඒක අලෙවි වෙයි.
මේකෙ නිල් පැහැය තියෙනවා. මේකේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 310ක්. අපි හිතමු කිලෝග්‍රෑම් 1ක් මේකේ Blue Sapphire තිබ්බොත් ඒකේ වටිනාකම ඩොලර් මිලියන 100ක් විතර වෙයි. නමුත් මේකෙ කිලෝග්‍රෑම් 1කට වැඩිය තිබ්බොත් ඊට වැඩිය ලොකු වටිනාකමක් ගන්න පුළුවන්.
මේක කපලා කොටලා මේක ඇතුළේ තියෙන නිල් ටික ගන්න එක නෙමෙයි වැදගත්. මේ වගේ දේවල් ලෝකෙ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒකත් ලංකාවේ. ආභරණවලට දාන්න පොඩි මැණික් ඕන තරම් හම්බවෙනවා. මේක කෞතුකාගාරයකට තමයි වටින්නේ. අනාගත පරපුරට බලාගන්න.
මේක ලැබුණාම අපිට විවිධ යෝජනා ආවා. මේක කපලා ඇතුළේ තියෙන නිල් ටික බලන්න.
ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ලංකා කියන්නේ මගේ ආයතනය. අපි මැණික් පර්යේෂණ කරනවා. මැණික්වලට සහතික නිකුත් කරනවා. මැණික් සම්බන්ධ සේවා ගොඩක් අපි කරනවා. මේ ආයතනය සතුව තමයි මේ මැණිකත් තියෙන්නේ.
එම මැණික මේ වනවිට හොරණ ප‍්‍රදේශයේ තැන්පත් කර ඇති අතර ඊයේ (12දා) පෙරවරුවේ එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි. එහි බර කැරට් 1,550,000 ක් පමණ වන බවද එම අධිකාරිය පවසයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේෂත්වයකි.
මහා සංඝරත්නයේ සෙත්සිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම මැණික මාධ්‍ය වෙත නිරාවරණය කිරීම විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval