sjb-canabies

 කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාබස්වලින් පසු කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියවමිත බව වාර්තා පළවන අතරේ ඊට විරුද්ධ බව සමගි ජනබලවේගය පවසයි.




පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මාධ්‍ය හමුවකදී අද සිය පක්ෂයේ නිල මතය ඉදිරිපත් කරමින් දන්වා සිටියේ සංස්කෘතිය සහ සදාචාරය විකුණා දැමීමට සිය පක්ෂය එරෙහි වන බවයි.
මෙම යෝජනා ගෙන එන අපේ පක්ෂයෙන් ගිය අය දැන් ගණිකා වෘත්තිය පවා නීතිගත කරන්න ඉල්ලන බවත් ඔවුන්ට සදාචාරය ගැන තැකීමක්නැති බවත් ඔහු අදහස් දැක්වීය.
මින්පෙර ඇතැම් සමාජ ක්‍රියාකාරින්  කංසා නීති ගත කළ යුතු බවට විද්‍යාත්මක මත හරහා අදහස් දක්වා ඇති අතර කංසා ආශ්‍රයෙන් සිදු කරන ඇතැම් ආහාර හා ඖෂධ නිෂ්පාදන සඳහා ලෝකයේ වෙළෙඳපොළක් තිබීමත් ඒ හරහා විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බවට අදහස් පළවී ඇත.