ipl-auction

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.

එම ක්‍රීඩකයන් අතරින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රවින්ද්‍ර ජඩේජා,

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ දිල්හි කැපිටල්ස් කණ්ඩායමේ රිෂාබ් පාන්ට් සඳහා ඉහළම වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටි 16ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 48ක් පමණ වැය කරන්නට ඒ ඒ කණ්ඩායම් තීරණය කර ඇත.

    ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලිව සිය කණ්ඩායමේ රඳවා ගැනීම සඳහා රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 15ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක් පමණ) වැය කර තිබුණු අතර සන්රයිසන් හයිද්‍රබාද් කණ්ඩායම කේන් විලියම්සන් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 14ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 42ක් )වැය කර තිබීමද විශේෂත්වයකි.



මේ අතර මෙම ක්‍රීඩක තහවුරු කරගැනීම සඳහා වැඩිම මුදලක්, එනම් ක්‍රීඩකයන් 4 දෙනකු සඳහා ඉන්දීය රුපියල් කෝටි 42ක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් වැය කර තිබේ. ඒ ඒ කණ්ඩායම් සඳහා සෙසු ක්‍රීඩකයන් තෝරා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.