sara-tendulkar-modal
සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ 24 හැවිරිදි දියණිය සාරා තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ඇඳුම් සන්නාමයක් සඳහා දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් සමඟින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇත.  Self-Portrait සඳහා වන දැන්වීම් ප්‍රචාරක ව්‍යාපාරයක රඟපා ඇති ඇය සුප්‍රකට ඉන්දීය ඇඳුම් අලෙවිකරන වාණිජ වෙබ් අඩවියක්

වන Ajio Luxe  ප්‍රවර්ධන වීඩියෝවක් සඳහා පෙනී සිටියාය.  තවත් නිරූපිකාවන් දෙන්නෙකු වන බනිටා සන්දු සහ ටානියා ෂ්රොෆ් ද සමග ඇය එහි පෙනී සිටී.
සාරා, සචින් සහ අංජලී තෙන්ඩුල්කාර්ගේ වැඩිමහල් දරුවායි. මුම්බායි හි පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් වෙතින් වෛද්‍ය උපාධිය ලබා ගත්තාය - වෘත්තියෙන් ළමා රෝග විශේෂඥවරියක වන ඇගේ මවගේ අඩිපාරේ යමින් සිටින අතර විනෝදාංශයක් ලෙස නිරූපණයටද ළැදිය.
සාරා මේ දක්වා බොහෝ දුරට ජනප්‍රිය මාධ්‍ය වලින් ඈත්ව සිටි තැනැත්තියකි.
මේ අතර ඇගේ බාල සොහොයුරා වන අර්ජුන් තෙන්දුල්කාර් පියාගේ අඩිපාරේ ගොස් ඇත - ඔහු IPL 2021 වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් විසින් තෝරා ගනු ලැබූ නමුත් කිසිදු තරඟයකට ක්‍රීඩා කළේ නැත.
 සාරාගේ නිරූපණ ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් පහතින්