අද වනවිට මෙරට වෙළෙඳපොළෙහි බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ 25 ක්වූ බිත්තරයක මිල අද වනවිට රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙයි.
මෙලෙස මිල ඉහළයාමට හේතුව පැහැදිලි කරමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, සත්ත්ව ආහාර හිඟවීම සහ එහි මිල දෙගුණයකින් ඉහළ යාම මීට හේතුවන බවයි.
කුකුළු මස් මිලද පසුගිය දින කිහිපය තුළ දී රුපියල් 840යේ සීමාව දක්වා ඉහළ ගිය නමුත් අද වනවිට තරමක් පහළ ගොස් එය රුපියල් 650ක් දක්වා අගයක් ගනී.
ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇති අතර වෙළෙඳපොලේ කිරිපිටි අලෙවි කිරීමට නැති බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval