පසුගියදා වසා දමා යළි විවෘත වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වතාවටත් වසා දමන්නට තීරණය කර තිබේ.
බොර තෙල් මිලදී ගැනීමට ඩොලර් නොමැති බැවින් මෙලෙස වසා දමා ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව 2022 ජනවාරි මස 03 වැනිදා සිට යළි වසා දමන බවත් නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ජනවාරි මස 30 වැනිදා සිට යැයිද අමාත්‍යංශය දන්වා ඇත.
එම කාලය තුළ ඩොලර් ලැබෙනු ඇතැයි ඔවුනගේ අපේක්ෂාවයි.
සපුගස්කන්ද වසා දැමුවහොත් සෘජුව තෙල් ප්‍රශ්නයක් ඇති නොවෙතත් ඉදිරියේදී විදුලි බල නිෂ්පාදනයේ කොටසකට හා ලාභදායි භූමිතෙල් සැපයුම අඩාල වීමට බලපෑ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval