arnold-maria-separated

හොලිවුඩයේ සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වසනේගර් සහ බිරිද වන මාරියා පිර්වර් අතර දික්කසාදය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 



ඔවුන් දෙදෙනා 2011 වසරේදී සිය දික්කසාදය පිළිබදව ප්‍රථම වරට අනාවරණය කළ අතර, පැවැති නීතිමය කාරණා හේතුවෙන් එම දික්කසාදය නිල වශයෙන් සිදු නොවුණි.

දෙදෙනා අතර විවාහය 1996 වසරේ සිදුවිය. අද වනවිට ආර්නෝල්ඩ් 74 හැවිරිදි වියේ පසුවන අතර මාරියා 66 හැවිරිදි වියේ පසුවෙයි. දෙපළට කැතරින්, ක්‍රිස්ටිනා, පැට්‍රික් සහ ක්‍රිස්ටෝපර් ලෙස දරුවන් සිවුදෙනෙකු වෙයි. මෙම දික්කසාද වීමත් සමග ආර්නෝල්ඩ් සහ මාරියා සිය වත්කම් සහ මුදල් එක සමාන ලෙස බෙදා ගැනීමක් සිදු කර ඇතැයිද සඳහන් වෙයි.



සිය නිවසේ සේවය කළ සේවිකාවක සහ ආනෝල්ඩ් අතර පැවැති සබදතාවකින් ඔහුට දාව ජෝසප් ඛාන් නම් දරුවකු සිටින බවට අනාවරණය වීමත් සමග මාරියා මෙම දික්කසාද වීම පිළිබඳ නඩුව පවරා තිබුණි. කෙසේ වෙතත් ඉදිරියටත් සිය දරුවන්  සිවුදෙනාගේ මවුපියන් ලෙස ඔවුන්ගේ කටයුතු සිදුකරන බව මාරියා සහ ආර්නෝල්ඩ් මාධ්‍ය වෙත සදහන් කර  ද තිබේ. "ඔවුන් තමයි අපි දෙදෙනාගේම ජීවිතවල ආලෝකය වගේම කේන්ද්‍රය.” යනුවෙන් ඔවුන් එහිදී පවසා ඇත.