ඊයේ දහවල් රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද ඇණහිටි අතර එය සක්‍රීය කිරීමට දින කිහිපයක් ගතවන බව පැවසේ. ඉංජිනේරුවන් දන්වා ඇත්තේ මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 03ක් පමණ ගතවන බවය.
ඒ අනුව විදුලි ඉල්ලුම සපයන්නට ප්‍රමාණවත් පහසුකම් මදි නිසා කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගයක් බවද දන්වා ඇත. ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම්
ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව විදුලිබල
අමාත්‍යාංශය පවසා සිටියි.
මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර 03 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස විටින් විට කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලය දන්වා ඇත.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් දිනකට පැයක පමණ කාලයක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කරනු ඇත.
පවතින විදුලි ගැටලුව මැද විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකාව අත්හිටුවා ඇති බවද දැනගන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval