ඔවුන් සමග කළ සාකච්ඡාව අනුව නොරොච්චෝලේ තත්වය විමසීමේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි තත්වයක් අනාවරණය වූයේ යයි දන්වා සිටියේය.
මින් ඉහත විදුලි බල මණ්ඩලය දන්වා තිබුනේ නොරොච්චෝලෙ සක්‍රීය වනතුරු අද 8 බදාදා රාත්‍රී කාලයේත් දිවයිනේ ස්ථාන කිහිපයක විදුලිය විසන්ධි කරන්නට සිදුවන බවයි.
කෙසේ වෙතත් ඊයේ 07 රාත්‍රී කාලයේ සිටම මෙම කප්පාදුව ඇතැම් ප්‍රදේශවල සිදු කළේ නැත.
බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවයි.
ඇමතිවරයා මෙලෙස මාධ්‍ය වෙත පැමිණියේ කලකට පසුවය. ඔහු පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා නිරෝධායනයේද කල් ගතකරමින් සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval