uae-weekend-holiday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ UAE වැඩ කරන දින ගණන වෙනස් කර තිබේ. මේ දක්වා එරට වැඩ කරන දින ලෙස පැවතියේ ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වාය. සති අන්ත නිවාඩුව වූයේ සිකුරාදා හා සෙනසුරාදා පමණි.


අලුත් වෙනස අනුව මේ දක්වා නිවාඩු ලැබුණ සිකුරාදා දිනයෙන් අඩක් වැඩකරන දිනයක් බවට පත්කර ඇති අතර ඉරිදා දිනය සම්පූර්ණ නිවාඩුවක් කර තිබේ. ඒ අනුව මේ දක්වා සති අන්ත නිවාඩුව දින දෙක වෙනුවට දින දෙකහමාරක් ලබාදී තිබේ.
මෙම වෙනස ඇති කිරීමට හේතුව ලෙස එරට පාලනාධිකාරය දන්වා සිටියේ සිකුරාදා පූර්ණ නිවාඩුවක් මේ දක්වා පැවතීම රජයේ මෙන්ම  පුද්ගලික අංශය තුළ කාර්යක්ෂමතාව පහළ දමන්නට හේතුවූ බවයි. එසේම සතිඅන්තය ලෙස ඉරිදා ඇතුළත් කිරීම තුළින් පවුල් සම්බන්ධතා වලට වඩා යහපත් අනුබලයක් ලබාදිය හැකිවූ බවයි.
නව වෙනස  ලබන ජනවාරි 01 සිට ක්‍රියාත්මක වනු ඇත.


ඒ අනුව එරට පාසල් වේලාවන් සංශෝධනය වන අතර  ඒ ගැන පසුව දන්වන බවද පවසා තිබේ.එරට කාර්යාල වේලාවන් සුපුරුදු ලෙස උදේ 7.30 සිට සවස 3.30 දක්වා පවතී.
 එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැඩකරන වේලාවන් අවස්ථා ගණනාවකදී ස‍ංශෝධනය කර තිබෙන රටකි.
ඉස්ලාම් ලබ්ධිකයින් බහුතරයක් සිටින බැවින් සිකුරාදා වැඩ නොකරන්නට 1971-1999 දක්වාම තීරණය කර තිබූ අතර 1999 සිට බ්‍රහස්පතින්දා සිකුරාදා දෙදිනම නිවාඩු කෙරිණි. 2006 සිට මේදක්වා බ්‍රහස්පතින්දා නිවාඩුව ඉවත් කර සිකුරාදා සෙනසුරාදා නිවාඩුව ලබාදී තිබුණි.