හැටන් වටවල ආසන්න රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි එකම පවුලක මවක පියකු සහ පුතෙකු දුම්රියේ ගැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද (08) දහවල් වාර්තාවිය.
කොළඹ - කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට දුම්රියේ ගැටීමෙන් මෙම තිදෙනා මියගොස් ඇත.
මොවුන් දුම්රියට හසුවූයේද නැතිනම් පැන්නේ දැයි සැකයක් ඇතැයි පොලිසිය කියයි.
අද (08) දහවල් 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ දී එම අනතුර සිදුව ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ මව, පියා සහ පුතාගේ මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval