පවතින විදුලි බිඳවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදුකරමින් පැවති සැත්කම්වලට බාධා එල්ලවූ බවත්, දැඩි සත්කාර ඒකකයේ නිරන්තර අධික්ෂණ යන්ත්‍ර ක්‍රියා නොකිරීමෙන් අසාධ්‍ය රෝගීන් අපහසුතාවට පත්වූ බවත් වාර්තා විය.
ජාතික රෝහලේ හදිසි විදුලිබිඳවැටීම් ආවරණය පිනිස ජෙනරේටර යන්ත්‍ර පැවතියත් කලෙක පටන් ඒවා කොටසක් අක්‍රීය මට්ටමේ පවතින නිසා මෙම අභාග්‍ය සම්පන්න තත්වය ඇති විය.
මේ අතර අද දින සවස කාර්යාල දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් දිවයින පුරා විදුලි ඇණහිටීම මත සංඥා ලබාදීම මැනුවල් ක්‍රමයට ක්‍රියාත්මක වන නිසා මෙය සිදුවන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා දන්වා ඇත.
එසේම සවස මාර්ග සංඥා ක්‍රියා නොකිරීමෙන් මහාමාර්ගවල අධික වාහන තදබදයක් හටගනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval