කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු ගැන අද දින වාර්තා විය. ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ඔහු මීට සතියකටත් පෙර ලංකාවට පැමිණි අයෙකු වීම විශේෂිතය. දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලෝකයේ වාර්තාවූ ආරම්භක වකවානුවේම ඔහු රෝගී වූ අයෙකු වන අතර නයිජීරියාවෙන් ගමන් ආරම්භ කර නොවැම්බර් 24 වන දින දිවයිනට පැමිණි අයෙකු බව හඳුනාගත් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
ඔහුගේ සමීප ආශ්‍රිතයන්ද මේ වනවිට සිටින අතර ඒ අයගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා සාම්පල් අද (03) දිනය තුළ ලබා ගත් බව වසංගත රෝග මර්දන ඒකකය දැනුම්දී ඇත.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත ශ්‍රී ලාංකිකයා නිරෝධායනය වන කුලය තුළදීම මෙම ආසාදනය හඳුනාගැනීම නිසා ඔහුගේ ආශ්‍රිතයින් අවම වීම වාසියක්වී ඇත. නිරෝධායන කාලය අවසන් කරමින් සිටින ඔහු මේ දක්වා
කොවිඩ් මර්දන කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයෙකු බවත් හෙළිව තිබෙයි.
ශ්‍රි ලංකාව සංචාරකයින් දෛර්යමත් කිරීම සදහා කොරෝනා මර්දන එන්නත් අනිවාර්ය අයට පමණක් රටතුළට ඇතුළු කිරීමට ගෙන තිබූ තීරණය පසුගියදා වෙනස් කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval