podi-lassy-mother-story

සුනාමි ව්‍යසනයෙන්  තෙල්වත්ත, පැරැලිය ප්‍රදේශයේ පදිංචිව සිටි හයසියයකට අධික පිරිසකට ජීවිත අහිමි විය. මේ අතර පරුලිය ප්‍රදේශයේදී දුම්රියක් ද සුනාමි රළ පහරට අසුවී එහි ගමන් ගත් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්වූහ.  එලෙසින් ජීවිත බොහොමයක් විනාශ වී ගිය මේ ප්‍රදේශයේ මියගිය අය උදෙසා සුනාමි මාරකයද ඉදිකර ඇත.
වැඩිදෙනකු නොදැනසිටි තෙල්වත්ත, පැරෑලිය නම ඉතිහාස පොතට එකතුවන්නේ සුනාමි රළ පහරින් ජීවිත රැසක් බිලිගැනීමෙන් අනතුරුවය.  ඊට වසර දෙකකට පසු  2008 වසරේනොවැම්බර් මාසයේ 09 වැනිදින ගාලුපාරේ යතුරුපැදියකින් යුවලක්ම ගමන් කරමින් සිටියේය. ඔවුන් මෙසේ යමින් සිටියේ හික්කඩුවේ සිට තම නිවස පිහිටි තෙල්වත්ටය. නිවෙසට යැමට පැරැලියේ මාරකය පසුකළ යුතුය. යතුරුපැදිය සුනාමී ස්මාරකය අසලින් ගමන් කරද්දී යතුරුපැදියෙන් ගමන්කළ යුවල වෙඩි ප්‍රහාරයකට ගොදුරු වන්නේ නොසිතු ලෙසිනි. එල්ල වූ වෙඩි පහරවැදී දෙදෙනාම යතුරුපැදියෙන් ඇදවැටිණි. වෙඩිතැබූ අය ක්ෂණයෙන් එම ස්ථානයෙන් පලාගොස් තිබිණී.

වෙඩි වැදී සිටි දෙදෙනා කවුදැයි අවට සිටි අය හඳුනාගත්තද තුවාලකරුවන්ටඋදව්කිරීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. මෙසේ වෙඩි පහරට ගොදුරුව තිබුත තෙල්වත්ත පන්සල පාරේ පදිංචි අරුමාහන්දි වසන්ත හෙවත් පැන්නා  හා ඔහුගේ බිරිය වන අප්පුවා හන්දි දිල්හානි තනුජාය.තම මව්පියන්ට සුනාමි ස්මාරකය අසලදී වෙඩිතබා ඇති බවට ඒ අවස්ථාවේ නිවෙසේ සිටි වසත්තගේ බාලපුතා වන ජනිත් මදුසංක හෙවත් පොඩි ලසීට ආරංචි විය.

ඔහු ඉක්මනින්ම එම ස්ථානයට දීව ආවේ කැගසමිනී.ඒ වනවිට තම මව්පියන් ලේ විලක් මැද වැටී සිටි අතර දෙදෙනා රෝහලවෙත රැගෙන යැමට අවට සිටි අයගෙන් උදව් ඉල්ලා සිටිමුත් කිසිවකුත් ඉදිරිපත්වූයේ  නැත. ලසීගේ  පියාගේ චරිතය එතරම් හොඳ නැත. ප්‍රදේශවාසීහු ක්‍රියාකලාපය හොඳින් දැන සිටියහ. මින් පෙර අවස්ථාවකදී ඔහුට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී බරපතළ ලෙස තුවාල ලැබීය. එම බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ එක් ශරීර කොටසක් ඉවත්කිරීම නිසා ඔහුට'පැන්නා' යන අනවර්ථ නාමය පටබැඳුණි. මෙය අවස්ථාවේදී එක්තරා පුද්ගලයකු තුවාලකරුවරුන් ගෙන යැමට තම   වැන් රථය රැගෙන ආ අතර පොඩි ලසී විසින් තම මව සහ  පියා එම රථයෙන් බලපිටිය රෝහලවෙත රැගෙන  යන ලදී.

ඒ යන අතරතුර වසන්තගේ හිස පොඩි ලසීගේ උකුලේ විය. අමාරුවෙන් වචන උච්චාරණය කළ වසන්ත,තමුන්ට වෙඩි තැබු අය පිළිබඳ පැවසීය. මෙලෙස අමාරුවෙන් කතා කරමින් සිටියදී වසන්තගේ ප්‍රාණයද නිරුද්ධ විය. මෙය දරුවකුට දරාගත නොහැකි තත්වයකි. බලපිටිය මූලික රෝහලට ඇතුලත් කැරීණි,ලසීගේ මවගේ උදරයට වැදුනු වෙඩි පහර නිසා ඇයද සිටියේ බරපතළ තත්වයෙනි.මේ සිදුවීම බොහෝ දෙනකුට දීවි අහිමි කිරීමේ ආරම්භයක් වේයැයි කිසිවකුත් සිතන්නට නැත. 18 වැනි වියේ පසුවු ජනිත් මධුසංඛගේ සිතට වෛරයේ ගිනි ඇතුල්වන්නට වූයේ මේ සිදුවී සමගය.  පියාගේ ඝාතනය සම්බන්ධව පොඩිලසීගේ සිතෙහි පලිගැනීමේ වෙරීය චේතනාවකම ක්‍රම කමයෙන් මෝදුවන්නට පටන්ගත්තේය .පියාගේ  අවසන් කටටයුතු කිරීමේන් පසුව ඝාතනයට සම්බන්ධ අයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ අතර රත්ගම ප්‍රාදේශීය සභාවේ එවකට හිටපු සභාපතීවරයා වූ මනෝජ් මෙන්ඩිස් හා ව්‍යාපාරිකයකු වූ අලුත්වල ප්‍රදේශයේ ගුරුගේ තරින්ද්‍ර සිල්වා ඉලක්ක විය.  පළමු ඉලක්කය වූයේ තරින්ද්‍රය. 2008 වසරේ  නොවැම්බර් මස 16 වැනී දීන තරින්ද්‍ර සිල්වාට වෙඩි තබා ඝාතනය කිරීමට පොඩිලසීට හැකිවිය.

මෙහිදී පොඩිලසීගේ උදව්වට කළුආරච්චි චන්ද්‍රපාල නොහොත් චන්ද්‍රපෝල් සිටියේය.තරින්ද්‍ර මරාදමන්නට හේතුව වී තිබුණේ වෙඩි පියා ඝාතනය කළ අයට මුදල් දුන් බවට ඇති වූ සැකය හේතුවෙනි. ඉන්පසුව 2011 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදින පියාට වෙඩි තැබුවේ යැයි සැකකළ මැටිවල නලාහන්දි ජනිත් නිශාන්ත යන අයට වෙඩි තබන්නේ සුනාමි ස්මාරකය අසලදීය. නමුත් ජනිත් නිශාන්ත පොඩිලසීගේ වෙඩි පහරින් බේරී පලාගියේය. ඔහු පසුපස ලසී එළ වූ අතර මෙහිදී පොඩි ලැසී පැළඳ සිටි හෙල්මටය ගැලවී ගොස් තිබීම නිසා ගමන්නට වෙඩි තැබුවේ පොඩි ලසී බවට ජනිත් නිශාන්ත හඳුනාගත්තේය. පොඩි ලසී එල්ල කළ වෙඩි පහරක් ජනිත් නිශාන්තට වැදී තුවාලවී තිබිණි. මේ සම්බන්ධවනඩුවක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 42630 යටතේ ගොනුවී ඇත.




ජනිත් නිශාන්තට වෙඩි තැබීමෙන් පසු පොඩි ලසී ඩුබායි රටට පලාගියේය. ජනිත් නිශාන්ත විසින් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව පොඩි ලසී පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කැරිණි. මේ අනුව එරටදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන එන ලදී. ඉන්අනතුරුව පොඩ් ලසීට අධිකරණයෙන් ඇප ලැබිණි.   එලියට පැමිණීමෙන් අනතුරුවද පොඩි ලසීගේ  අවශ්‍යතාව වූයේ සිය පියාගේ ඝාතනයට  සම්බන්ධයැයි සැක සියල්ලක්ම පරලොවට යැවීමයි. ඒ අනුව පොඩිලසීගේ ඊළග ඉලක්කය වූයේ මනෝජ් මෙන්ඩිස්ටය. 2015 මාර්තු මස23 වැනි දින රාත්‍රියේ වෙඩිතබා මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරන්නේ හෝටලයකටම බලහත්කාරයෙන් වැදී බිබී සිටියදීය. ඔහු සමග සිටි දෙදෙනෙකුටද තුවාල සිදු කරන ලදී. මේවනවිට මිනිස් ඝාතන දෙකක් හා වෙඩිතබා පුද්ගලයන් තිදෙනෙකුට තුවාල කිරීම  පොඩි ලසී විසින් සිදුකර තිබිණි.  මනෝජ් මෙන්ඩිස් ඝාතනයටපොඩිලසී අත්අඩංගුවට පත්වී බන්ධනාගාරගත කැරිණි.  මේ අතර දරුණු ගණයේ අපරාධ සිදුකොට සිරගතව සිටි අපරාධකරුවන් කිහිපදෙනකු හඳුනා ගන්නට පොඩී ලසීට  අවස්ථාව උදාවිය. ඔවුන් මේ වනවිට ඇතුලේ සිටිමිනුත් මත්ද්‍රව්‍ය ජාවාරම යෙදී සිටියහ. පොඩී ලසීද මෙම ජාවාරමට සම්බන්ධ වන්නේ  ඔවුන්ගෙන් උපදෙස්ද  ලබා ගනිමිනි.පසුව පොඩි ලසීට ඇප නියම වූ අතර සමාජගතවීමෙන් අනතුරුවද මොහුගේ අවශ්‍යතාව වූයේ මිනිස් ඝාතනයයි.


මේ අතරතුර හිතවතකුගේ ඉල්ලීමකට අනුව  2017 ජනවාරි මාසයේදී මාදම්පේ, ඉඩම්තොටදී   මව පියා සහ පස් හැවිරිදි දරුවකු වෙඩිතබා ත්‍රිත්ව ඝාතනයක් කිරීමට පොඩිලසී ඉදිරිපත් විය.මෙය මත්ද්‍රව්‍ය හා බැඳුණු සිද්ධියක් බවට කරුණු අනාවරණය විය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුව  පොඩි ලසී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ වනවිට පොඩිලසීට ගෝලබාලයන් රොත්තක් සිටි අතර ඇතුලේ සිටින අතර ඒ ගෝලයන් මෙහයවමින් එකපෙළට මාස පහක් ඇතුලතදී මනුෂ්‍ය ඝාතන හයක් පමණ කරවා තිබිණි.


පොඩිලසී බන්ධනාගාරගත වූ අතර මෙතෙක් ඔහු කල්ගෙවන්නේ බන්ධනාගාරයේය. ගාල්ල සහ  අගුණකොළපැලැස්ස බන්ධනාගාර පොඩිලසීගේ නිවහන් විය. පසුගිය වසරේ ඔහු අධිආරක්ෂිත  බන්ධනාගාරයක්වන බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන ලදී. මේ වනවිට මෙම බන්ධනාගාරයෙහි ලංකාවේ ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් සිටියහ.  මොවුන්අයිතිවාසිකම් ඉල්ලා උපවාසයක් දියත් කළ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ  සිදුවීමක් හේතුකොටගෙන පොඩිලසී සහ කොස්ගොඩ තාරක යන අය ජනාධිපතිවරයා ඝාතනය කරන බවට පැවසු හෙයින්  ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැදවුම් ලබා ගත්තේය, ඒ අනුව පොඩිලසී සහ තාරකද වැඩිදුර ප්‍රශ්නකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  රැගෙන ගිය අතර තාරක වෙනම අංශය වෙත භාර  දෙනලදී. පසුව තාරක පොලිස් වෙඩි පහරින් මිය ගියේය. 

වසරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටී පෝඩි ලසීගෙන්  ලත්  තොරතුරු අනුව ටී-56 වර්ගයේ ගිනි අවි කීපයක්ද  සොයාගැනීමට හැකි විය.


අත්අඩංගුවේ සිටිනපොඩි ලසීටත කොස්ගොඩ තාරකට වු දේ සිදුවේ යැයි බියට පත්වූ මව වන දිල්හානි තනුජා, සිය පුතාගේ දීවි බේරාගැනීම උදෙසා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලදී.ඇය පොඩිලසී බේරාගැනීම සඳහා දිවයිනේ සියලුම සිද්ධස්ථාන වෙත ගොස් බාර හාර විතිබිණි. පසුගිය 15 වැනි දින රැඳවුම් නියෝගයට සිටි පොඩි ලසී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා විසින් මේ මස21  වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. ඉන්පසු අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන්නේ දැඩි ආරක්ෂක රැකවල මධ්‍යයේය.  පොඩි ලසීගේ මව තම පුතාට ඇපලබා ගැනීම සඳහා නඩු ගොනුකර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලස රැඳවුම් බාරයේ සිටි පොඩි ලසීට නැවත රක්ෂිත බන්ධනාගාරගත වීමට හැකිවිය. පසුගියදා ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුයේ පොඩි ලසී මරාදමා ඇති බවය.තම පුතු බේරා ගැනීම සඳහා මව මහත් වෙහෙසක් ගන්නේ ඇයගේ සිතේ ඇති දරු සෙනෙහස නිසාය.  කෙතරම් විරුපී වුවත් උණ හපුළුවාට උගේම පැටියා මැණීකක් වගේ කියා කියමනක් ඇත. පොඩි ලසීගේ මවද තම පුතාට දක්වන සෙනහස පොඩි ලසීගේ වෙඩි පහරින් මියගිය අයගේ මවුවරුන්ටද දැනෙන බව  ඇය ඒ කාලයේ වටහා ගන්නේ නැත.  


ඇයට මෙය වැටහුනේ පොඩි ලසී ඝාතනය කිරීමට සුදානම් බවට තොරතුරු ලැබීම නිසාය. මිනිස් ජීවිත විනාශ කිරීමට තම පුතාට උඩගෙඩි දීම නිසා පොඩි ලසීගේ අනාගතය අඳුරු විය. වෛරයෙන් වෛරය නොසන් සිඳෙ යන බුදුවදන ඓතිහාසික සිද්ධස්ථානයක් වන තෙල්වත්ත රජමහ විහාරය අසල පදිංචිව සිටියත් ලසීගේ මව ඒ බව නොදනී. තම සැමියාට සිදුවූ දෙයට ලෙයට ලෙයින් උන්ඩයට උණ්ඩයකින් යන පාඨය ඔස්සේ ක්‍රියාකිරීම නිසාද නැටුම් ශිල්පියකු, අපරාධකරුවකු බවට පත්විය.ජනිත් මධුසංඛ නොහොත් පොඩිලසී සම්මානලත් නැටුම් ශිල්පියෙකි.තුන් පිනුම් ශුරයෙකි. එසේ දක්ෂතා ඇති අයෙකු අද වෛරයේ ගිනිදැල්  නිසා මුළුමහත් සමාජයටම හිසරදයක් වි ඇත.

අනුරාධ ප්‍රියදර්ශන