9-jab-belgium

වංචාකාරී ලෙස ක්‍රියා කරමින් සිය 09වැති COVID-19 එන්නත් මාත්‍රාවත් විද ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. නමක් අනාවරණය වී නොමැති මෙම පුද්ගලයා එරට චාර්ලෙරොයි පළාත් පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ. 

එන්නත්කරණයට අකමැති පුද්ගලයෙකුගේ ව්‍යාජ හැඳුනුම්පතක් යොදා ගනිමින් ඔහු, එන්නත් විද ගැනීමට පසුගිය ඉරිදා දිනයේදී එම පළාතේ එන්නත් මධ්‍යස්ථානයකට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර අවස්ථාවකදී ද එන්නත් විදගැනීමට ඔහු පැමිණි බවට එම මධ්‍යස්ථානයේ සිටි පිරිස හඳුනාගැනීම ඊට හේතුව වී ඇත.වාර්තා වන ආකාරයට එම පුද්ගලයා මෙම මධ්‍යස්ථායම මීට පෙර අවස්ථා 08කදී එන්නත් මාතා විද ගෙන තිබේ. එහිදී ඔහු එකිනෙකට වෙනස් හැදුනුම්පත් ඒ සදහා ඉදිරිපත් කර ඇත. එන්නත් විද ගැනීමකින් තොරව සිය කාඩිපතෙහි පූර්ණ එන්නත්කරණය සිදු කරගත් බවට සඳහන් කරගැනීමට කැමති වූ පිරිස් මෙලෙස ඔහු වෙත ඔවුන්ගේ හැඳුනුම්පත් ලබා දී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, එන්නත් විද ගැනීමෙන් මගහැරීම සඳහා ඔහුගේ සේවාව ලබාගත් පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බවත් ඛෙල්ජියානු බලධාරින් සඳහන් කරයි. අද වනවිට බෙල්ජියම තුළ එක්නත්කරණය අනිවාර්ය කෙරේ නොමැති අතර, පූර්ණ එන්නත්කරණය සිදු කරගත් පුද්ගලයන්ට කෝවිඩි සුරක්ෂිතතා ටිකටිකක් හිමිකර ගත හැකිය. එම කාඩිපත හිමි තැනැත්තාට ම ශාලා, ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන වෙත ඇතුළුවීම් අවස්ථාව පවතී. මෙලෙස එ ක්කරමාණයට අකමැති පිරිස් වෙනුවෙන් මුදලක් අය කරගනිමින් එන්නත් විදගන්නා පුද්ගලයන් ලොව ස්ථාන කිහිපයකදීම හඳුනාගෙන තිබේ. මෙම මාසයේදී නවසීලන්තයේදී අයෙකු එක් දිනකදී මුදල් වෙනුවෙත් එන්නත් මාත්‍රා 10ක් විදගත් අවස්ථාවක්ද වාර්තා විය.