ඊයේ රාත්‍රි 10.00 ට පමණ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වෙඩි තබන අවස්ථාවේ 3 දෙනෙකු හා පසුව රෝහලේදී එක් අයෙකු මියගිය බව වාර්තා විය.
පොලිස් ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය අතර විය.
මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරීන් තිරුක්කෝවිල හා අක්කරේපත්තු රෝහල්වලට ඇතුළත් කර ඇත.
පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර එයට හේතුව තවම හඳුනාගෙන නැත.
වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ටී 56 වර්ගයේ ගිනි අවි 02ක් සහ පතොරම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාරවී ඇති බවද පොලිසිය සදහන් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval