කොළඹ විශ්ව විද්‍යාලයේ අද (17)පැවැති කළමනාකරණ පීඨ උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතික්ෂේප කිරීම නිසා
උපකුලපතිනිය ලෙස කටයුතු කරන මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මියට කුලපති වෙනුවට උපාධි ලබාදීමට සිදුවිය.
කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විශේෂ ආරාධිත අමුත්තකු ලෙස පමණක් උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
කුලපතිහිමිගේ පත්වීම දේශපාලන පත්වීමක් බව කියමින් අද දින උපාධිය ලබාගන්නට ආ සිසුන් ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ලද අතර ඇතැම් සිසුන් සම්පූර්ණයෙන්ම කලු වර්ණයෙන් සැරසී විරෝධය පළ කළ බවටද ආරංචි පැවතිණි.උප කුලපතිනිය අතින් උපාධිය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.උපාධි උළෙල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයට විසඳුමක් ලෙස ස්ථානයට වඩින ලද කුලපති හිමියන් නරඹන්නෙකු බවට පත්වූ අතර උපකුලපතිනිය උපාධි ප්‍රදානය සිදු කළාය.
සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක කුලපතිවරයාගේ එකම කාර්යභාරය උපාධි ප්‍රධානෝත්සවයකදී මුලසුන ගැනීම හා උපාධිය පිරිනැමීමයි. වත්මන් කුලපතිවරයා ඒ අනුව එකම රාජකාරියෙන් ඉවත්ව අපකීර්තියට ලක්විය.
දෙසැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වෙන කොළඹ විශ්වවිද්‍යාලයෙහි 2019 උපාධි ප්‍රදානෝත්සවය ඉදිරි දින දෙකෙහිදීද මේ අයුරින් පැවැත්වෙනු ඇත.
කුලපති හිමියන්ගේ පත්කිරීමට අකමැති නිසා මීට සහභාගී වීමෙන් වළකින බව විශ්වවිද්‍යාලයීය කළමනාකරණ සහ මූල්‍ය පීඨ ආචාර්‍යවරුන්ගේ සංගමයද (FMFTA) නිවේදනයක් නිකුත් කළ අතර අද දින ආචාර්යවරුන්ද පැමිණ තිබුනේ නැත.
නව කුලපතිවරයා ලෙසින් පත් වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත්වීමට හැම අතින්ම විරෝධය පළවුවත් ජනපති එම තීන්දුව වෙනස් කර තිබුනේ නැත.

