gnanasara-thera-speaks

ඉස්ලාම් ප්‍රජාව අන්තවාදයට යොමු කිරීමේ මහ මොළකරුවන් තබ්ලික් ජමාද් සංවිධානය බවත්, ඒ අනුව එම සංවිධානය සම්බන්ධයෙන් සොයා බලා එම ක්‍රියාවලට එරෙහිව රජය වහාම පියවර ගත යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. තබ්ලීක් ජමාද් දේශනා

මෙන්ම 'දවා' යන සංකල්පය සෞදි අරාබිය තුළ තහනම් කරමින් සෞදි. අරාබියේ සල්මාන් කුමරු විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත්, එම නිවේදනය පිළිබඳ බරපතළ සේ සලකා මෙරට රජය කටයුතු කළ යුතු බවත් ඊයේ (16දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.  එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ,



 "පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරනවා. ඒ පාස්කු ප්‍රහාරය විසින් ඇති කරලා තිබෙන අලුත් තත්වයන් දෙස නිර්ගක්‍ෂණය කිරීමේදී අපට පේවා පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව දේශපාලන ධාරාවේ. උදවියත්, අනිත් පැත්තෙන් කාදිනල්තුමා ඇතුළු කතෝලික පල්ලියත්, කරුණු බද්ධ සංවිධානත් නොයෙක් විදියේ මතවාද ගොඩනගමින් ඉන්නවා මේ මොහොත වෙද්දිත්. මම කියන්නෙ ඒ බොහෝ මතවාද වැරදියි කියලා. මොකද පාස්කු ප්‍රහාරය වැනි සිද්ධියක් සිදු වීමට බලපාපු හේතු කාරණා මොනවාද කියලා අපි දිගින් දිගටම කිව්වා සේම, අපි ඒ හෙළිකරපු කරුණුවලට ඇත්ත සාධාරණය අද මහ පොළොවේ ඉෂ්ට වෙලා තිබෙනවා. අපි කියපු  කරුණු යථාර්ථයක් වෙලා තිබෙනවා. ඒ කරුණු අපි නෙවෙයි කියන්නේ සෞදි අරාබියානු ආණ්ඩුව.මීට දවස් 4කට හෝ 5කට උඩදී සෞදි අරාබියේ සල්මන් කුමරු විසින් රට තුළ ක්‍රියාත්මක වන තබ්ලික් ජමාද් සංවිධානය සහ ඒ දේශනා වගේම ඊට සමගාමීව ක්‍රියාත්මක වුණු 'දවා’ සංකල්පයත් තහනමට ලක් කරලා තිබෙනවා.

 විතරක් නෙවෙයි සෞදි අරාබියානු ඉස්ලාමික අමාත්‍යංශය විසින් දැනුම් දීලා  තිබෙනවා සිකුරාදා දේශනවලදී අනිවාර්යයෙන් ඒ රටේ ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. අපි අවුරුදු 10-12ක් දිගින් දිගටම මේ රට තුළ පෝෂණය වන ඉස්ලාමීය උන්මන්තක අන්තවාදය ගැන හෙළිදරවු කළා. එසේ හෙළිදරවු කරද්දි අපි නිර්දය විවේචනවලට බඳුන් වුණා. අපි පෙන්වා දුන් අනතුර සැලකිල්ලකට නොගෙන ඒ අතවාදයම පෝෂණය කිරීම නිසා අද මේ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ තැනකට පත්වෙලා තිබෙනවා.

අපි අවුරුදු 10කට පෙර සිට කිව්වා මේ රටේ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී, මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්වලට මග පෙන්වීම කරන්නේ, ඔවුන්ට අවශය කරන දේශපාලන රැකවරණය, මාධ්‍ය ආවරණය සහ ජාත්‍යන්තර වශයෙන් ඒ අවශ්‍ය කරන රැකවරණය සපයන්නේ අන් කවරෙක්වත් නෙවෙයි මේ තබ්ලික් ජමාද් එක කියලා.

කෙසේ හෝ අද වන විට සාම්ප්‍රදායක, දේශික, විවිධ නිකායික කණ්ඩායම් මේ හැමෝටම නායකත්වය සපයන වෙන්න පුළුවන්,. ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මහත්මයා තමයි තබ්ලික් ජමාද් සංවිධානයේ නායකයා. ඉතින් අපි මේ තලික් ජමාද් සංවිධානය හඳුන්වන්නේ ඇත්තටම මහ මොළකරුවන් හැටියට. මොකද හේතුව ඔවුන් තමයි මුස්ලිම් දරුවෝ වැරදි මග යැවීම සඳහා දොරටු විවර කරලා දීලා තිබෙන්නේ. ඒක ඉතා පැහැදිලීව තබිලීක් ජමාද් සහ දවා කණ්ඩායම් තහනම් කිරීමේ හේතුව සෞදි අරාබියානු සල්මාන් කුමාරයා අපූරුවට කියනවා.

පුංචි දරුවාගේ පටන් මුස්ලිම් සමාජය අන්තවාදයට ඇතුළු කරන දොරටුව තමයි තබ්ලික් ජමාදය. ඒකේ ඇතුළෙ නොයෙක් කල්ලි කණ්ඩායම් ඉන්නවා. ඒත් එළියට එන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් හෝ ඊට වඩා ඉන් මෙපිට මොනම හෝ අපරාධයක යෙදෙන්න පුළුවන් ත්‍රස්තයක් බිහි කිරීම ඇතුළෙ.

ඒ නිසා විශේෂයෙන් මේ රජයෙන් ඉල්ලා සිටිනවා වහාම මේ තබ්ලීක් ජමාද් ව්‍යාපාරය සහ ඔවුන්ගේ මතවාදය මොකක්ද කියලා දැන හැදින, ඇත්තටම මේ අය තමයි අන්තවාදයේ මහ මොළකරුවන්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය  යොමු කරලා, මේ සෞදි රජය අරගෙන තිබෙන වැඩපිළිවෙළ සහ සෞදි රජය නිකුත් කරලා තිබෙන නිවේදනය බරපතළ ලෙස සලකන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් මෙන්ම ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටිනවා” යැයි පවසා සිටිසේක.

(දිනේෂ් සමරකෝන්)