ඊයේ (17) පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ඇතිවූ සිසු විරෝධයක් නිසා කුලපති වූ තමා උපාධි උත්සවයේ නරඹන්නෙකු බවට පත් කර උපකුලපතිනිය උපාධි පිරිනැමූ බවට පළවන වාර්තා සත්‍ය නොවන බව කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
උන් වහන්සේ ඒ ගැන මෙසේ කීහ.
‘ඕවා පට්ටපල් බොරු. කීප දෙනෙකුට උපකුලපතිනිය පිරිනැමුවා ඒක ඇත්ත. මට උත්සවය ගැන පොඩි වැටහීමක් ගන්න එහෙම කරේ. ඒත් පසුව සියලු අයට උපාධි ප්‍රදානය කළේ මම. වෛද්‍ය සිසුන් 30 කුත් මගෙන් තමා සහතික ගත්තෙ.
හැමදාම මේ වගේ හොඳවැඩ ජේවීපී කාරයින් කඩාකප්පල් කරනවනෙ. ඉතින් කළු පටි බැඳන් කීප දෙනෙක් ඇවිල්ල තියනවා. ඒත්ඒව ගලවල ඒ අය උත්සවයට පසුව සහභාගී වුණා.
මං කුලපති හැටියට දරුවන්ට ගොඩක් වැඩ කරනවා ඔය මඩ ගහලා මාව නවතන්න බැහැ.‘

