gas-issue-updates

 ලිට්‍රෝ සමාගම පසුගිය හයවනදා ආනයනය කළ ගෑස් තොගය නෞකාවෙන් ගොඩබෑම සදහා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ඊයේ අවසර ලබා දී ඇත. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලැබුණු අනුමැතියත් සමග අද (18) සිට ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි නැවත ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම නිවේදනය කර ඇත.





ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක් පසුගිය 6 වැනිදා මෙරටට ලඟා වුණා. එහි අඩංගු ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතියේ ප්‍රමිතිය පිළිබද ගැටලුවක් නොතිබුණද ගෑස්වල ගන්ධය හදුනා ගැනීමට යොදන එතිල් මර්කැප්ටන් හි ගැටලුවක් ඇති බවට පාරිභෝගික සේවා අධිකාරිය පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එහි ගෑස් මෙරටට ගොඩබෑම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. ඒ හේතුවෙන් දින 11 ක කාලයක් එම නෞකාව මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබුණා. ඊයේ සවස කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ඇතුලු කණ්ඩායම එම නෞකාවට ම ගොස් සිදු කළ දීර්ඝ තත්ත්ව පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි එම ගෑස් මෙරටට ගොඩ බෑමට අවසරය ලබාදුන්නේ. මෙම නෞකාවේ අඩංගු ගෑස් ප්‍රමිතියෙන් යුක්ත බවටයි පසුව අනාවරණ වුණේ. මේ අතර පසුගිය සදුදා දින මෙරටට ළගා වූ ලිට්‍රෝ සමාගමේ දෙවන ගෑස් නෞකාවේ ද ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ලබාගත් සාම්පල තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


ලිට්‍රෝ සමාගම සුරැකීමේ සංවිධානය එම සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් භාර දී ඇත. කිලෝග්‍රෑම් 18 ගෑස් සිලින්ඩරය සම්බන්ධ කරුණකට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඊයේ දිනයේදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වී තිබුණි.