කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක්ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද(14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඩොලර් හිඟයට විසදුම් ලබා නොදුන හොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවඑහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.

ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50ක පමණ ප්‍රතිශතයක් බව කිරිපිටි ආනයනකරුවන් දෙයි.

එසේම ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේය.