malik-adnan-speaks

පකිස්තානයේ සියල්කොට්හි ශ්‍රී ලාංකික පුරවැසියෙකුට එල්ල වූ මැර ප්‍රචණ්ඩත්වයේදී සාමාන්‍යධිකාරවරයා බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් ඊයේ එරට අගමැතිවරයාගේ අගැයීමට ලක්විය. ඔහු අනතුරුව මාධ්‍යයට පැවසුවේ ප්‍රියන්ත කුමාර මැර පිරිසෙන් බේරා ගැනීමට තමා උපරිම උත්සාහයක් ගත් බවත්, ඒ අතරතුර පිරිස තමාට ද වධ හිංසා කළ බවත් ය.

මලික් අද්නාන් පැවසුවේ

‘මැර පිරිස මාවත් වහලෙන් විසි කිරීමට උත්සාහ කළා. මං වාද කරා, පස්සේ අනුකම්පාවෙන් ආයාචනා කළා. ඒත් මට කවුරුවත් ඇහුම්කන් දුන්නැහැ. අවසානයේ බිය සහ ම්ලේච්ඡත්වය හමුවේ මං අසරණ වුණා‘ ඔහු පැවසීය.
රාජ්කෝ කම්හලේ සේවකයෙකු වන මලික් අද්නාන් ශ්‍රී ලාංකීය පුරවැසියා ගැනද කතා කලේය.
‘එයා හොඳ නායකයෙක් ප්‍රියන්ත කුමාර ඉතා දක්ෂ පුද්ගලයෙක් නමුත් ඔහු රැකියාව සම්බන්ධයෙන් දැඩි ආකල්පයක් දැරුවා .. ඒක නොකියා බැහැ.. මේ ප්‍රශ්නය වුණත් වෙන විදිහකට විසඳගන්න තිබ්බා.. ඒත් ඒක අවාසනාවක් වුණා‘ ඔහු පැවසීය.

‘ප්‍රියන්ත මහත්තයා කාට හරි බැනපු බව දැනගත්තු වෙලාවේ මම රැස්වීම් ශාලාවේ හිටියා, ඊට පස්සේ කට්ටිය උඩ තට්ටුවට ආවා.‘



මලික් අද්නාන් පැවසුවේ ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට තමා ඇතුළු තවත් හතර දෙනෙකු උපරිම උත්සාහයක් ගත් බවත් ඒ අතරතුර මරණ බිය සිතට නොපැමිණි බවත් කෙසේ හෝ ඔහුගේ ජීවිතය බේරාගෙන මිනිස්කම වෙනුවෙන් සටන් කළ බවයි. මෙය රටේ කීර්ති නාමයට කැළලක්  වූ අයුරු ගැන කණගාටුවන බවද පැවසීය.
(පකිස්තාන හමාරිවෙබ් ඇසුරිනි  - Gossiplankanews.com)