දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ කළු හංස පැටවුන් පස් දෙනකු උපත ලබා ඇත. ජාතික සත්වෝද්‍යානයයේ වසර 85 ක ඉතිහාසය තුළ කළු හංස පැටවුන් උපත ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව සත්වෝද්‍යානයයේ අධ්‍යාපන සහ මාධ්‍ය නිලධාරි නිහාල් සෙනරත් පවසයි.
කළු හංසයන්ගේ නිජබිම වන්නේ ඔස්ට්‍රේලියාවයි. සත්ව හුවමාරු වැඩසටන් යටතේ මෙරටට ලැබුණු කළු හංස යුවළට දාව මෙම පැටවුන් උපත ලබා ඇත.
මෙම කළු හංස පැටවුන් නීරෝගී තත්ත්වයෙන් පසුවන බවත්, කළු හංස යුවළ සහ පැටවුන් මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇතැයිද අධ්‍යාපන සහ මාධ්‍ය නිලධාරී නිහාල් සෙනරත් කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval