ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා පසුගිය මාසයේදී තමා හා සැමියා ජීන් ඇතුළත් Instagram හි සටහනක් බෙදාගෙන තිබුණි. ඇය එම පෝස්ටුවට ශීර්ෂ පාඨය තබා තිබුණේ, "ආයුබෝවන් සැමට, මට අද අපගේ විශ්මිත පුවත ඔබ සියලු දෙනා සමඟ බෙදා ගැනීමට කැමතියි. අපට දෙවියන්ගෙන් තෑගි ලැබුණ අපගේ නිවුන් දරුවන් ගැන අපි සතුටින්..‘
මේ අතර ඊයේ ඇය නැවත සමාජ මාධ්‍ය වෙත එමින් ‘පෙන්නල මාකට් කරන් නැහැ බබාව යංතම් බලාගන්න‘ යනුවෙන් සඳහන් කරමින් සිය එක් දරුවෙකුගේ මුහුණ යංතමින් පෙනෙන ආකාරයේ ඡායාරූපයක් සමග ලබාගත් ඡායාරූපය ප්‍රසිද්ධ කළාය. ඇය මෙසේද කීවාය.
"අපගේ ජීවිතයේ මෙම නව අවධිය ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. ජායි සහ ජියා අපගේ දරුවන් .මෙම ඇදහිය නොහැකි ගමනේ කොටස්කරුවන් වීම ගැන වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ අපගේ ආදේශකයට හෘදයාංගම ස්තූතිය. ආදරය සහ ආලෝකය පිරිනමමි‘
Comments
Post a Comment
Your comment will be visible after approval