madushani-story

සිය ජීවිතයෙන් හරි අඩකටත් වඩා ගිලන් ඇදහිදිමින් නවකතාවක් රචනා කර ඉන් ලැබූ ආදායමෙන් හුස්ම ගැනීමට අපහසු රෝගීන්ට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කළ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ පදිංචිව සිටින විසිපස් හැවිරිදි තරුණියක වත පවනි මධුෂානි ගැන තොරතුරු සොයා ගියෙමු.කුඩාකල පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් පහ වසර දක්වා සිප්සතර හැදෑරූ අගය, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබා තිබේ.





ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනයට උපන් හපත්කම් දැක්වූ පවනි මධුෂානි වසර 13 පමණ වනට අධ්‍යාපනයට අලස බවත් දක්වමින් දෛනික ක්‍රියාකාරකම්වල වෙනසක් දැක්වූ අතර ඒ පිළිබදව දිනක් පාසල් ගුරුවරුන්ද තමා කැඳවා දැනුවත් කළ බව පවනි මධුෂානිගේ පියා වන අශෝක ජයනාත් මහතා පැවසීය. දිනෙන් දින දෙදෙනික ක්‍රියාකාරකම්වලට අලස බවක් දැක්වූ පවනිට පළමුව ශ්වසන ආබාධයක් මතුවී පසුව ආහාර ගැනීමට සහ කතා කිරීමට ක්‍රම ක්‍රමයෙන් නොහැකිවූ අතර, දිනක් වෛද්‍යවරුන් හමුවී දියණියට ප්‍රතිකාර ආරම්භ කළද ඇයගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වූ බව ජයනාත් මහතා සදහන් කරයි.

ඒ අනුව වසර කිහිපයක් ප්‍රතිකාර කළද ඇය සුවපත් කරගැනීමට නොහැකිවූ අතර, පසුව සිදුකළ වෛද්‍ය පරික්ෂණවලින් අයටදුර්ලභ ගරායේ රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු හඳුනා ගත්හ.එය BROWN VIALETT VAN LAEVE SYNDROME රෝග බවට හඳුනාගෙන තිබූ අතර, එම රෝගය ඉකුත් වසර සියයක පමණ කාලයක් තුළ දී ලොව පුරා රෝගීන් 58දෙනකුට පමණක් වැලදී ඇති බවත් ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු රෝගියා පවනි මධුෂානි බවත් වෛද්‍යවරු පවසා සිටියහ. ඒඅනුව දියණිය සුවපත් කරගැනීමට අශෝක ජයනාත් මහතා, බිරිද සහ බාල දියණිය නොගත් වෙහෙසක් නොමැත.



එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙම රෝගයට ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර, මේ වනවීට ඇයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරමින් පසුවේ. වසර 13ක් තිස්සේ ඇය දිවීගෙවන ගිලන් ඇඳක් මත වසන යන්ත්‍රයක ආධාරයෙනි. මේ හේතුවෙන් වසර දහතුනකට පෙර පියාට රැකියාවෙන් පවා ඉවත් වීමට සිදු විය.දියණියට වෛද්‍ය ප්‍රතිකාර කිරීම සදහා නිවසේ වාහනය ගිලන් රථයක් බවට පරිවර්තනය කර ගත. නිවසේ දැනට රැකියාවක නියළෙන පවනි මධුෂානිගේ මව පමණි.

අධ්‍යාපනයට උපන් හපත්කම් දැක්වූ පවතිගේ හැකියාවන් පිළිබිඹු කිරීමට අවස්ථාවක් නොමැති තැන ගිලන් ආදී සිටිමින් තම සිතට නැගෙන සංවේදී සිතුවිලි "රුවල් නැවේ සතුට බෙදන චාරිකාව" නමින්  නවකතාවක් රචනා කිරීමට පවනි මධුෂානි  සමත් විය.ඒ අනුව තම නිර්මාණය අලෙවි කොට ලැබූ මුදල පොද්ගලික සුඛවිහරණය සඳහා යොදා නොගනිමින් පවති තීරණය කළේ, තමා නවකතාව අලවි කිරීමෙන් උපයාගත් මුදලින් රුපියල් දොළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් වැයකර වක්රිප්ටර් යන්ත්‍රයක් මිලදී ගෙන එය ශ්වසන අපහසුතාවෙන් නිකවැරටිය මූලික රෝහල් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ  පරිහරණය සඳහා පරිත්‍යාග කිරීමට පවුල් තීන් පියවර ගෙන තිබුණි.


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න හා බිමල් ශ්‍යාමන් ජයසිංහ)