රත්නපුර කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයකින් අතීසාර රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගීන් වාර්තා වී ඇති නිසා පානීය ජලය සහ ආහාර භාවිත කිරීමේදී පරිස්සම් වන්නැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 23දා දැනුම් දුන්නේය.
සුදාගල, කන්දඋඩ, එක්නැළිගොඩ, කුරුවිට නගරය, හිග්ගසහේන, වතුයාය ආදී ප්‍රදේශවලින් උණ, වමනය, දියර ලෙස මළපහ පිටවීම සහ ශයේ අප්‍රාණික බව ඇති රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය. ප්‍රජා ජල මූලාශ්‍ර හරහා සහ කුඩා නගර ජල සදන යෝජනා ක්‍රමයෙන් පානීය ප්ලය භාවිත කරන අය අතර රෝග ලක්‍ෂණ මතුව ඇති බව පැවසු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදෙනෙක් රෝහල්වලින් නොව රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගෙන් පෞද්ගලිකව ප්‍රතිකාර ලබාගෙන ඇති බවද ද පැවසුවේය.
ප්‍රජා ජල මූලාශ්‍රවල ගබඩා ටැංකි කාලයකින් පිරිසිදු නොකිරීම, ජල පිරිපහදු ක්‍රමයක්නො මැතිවීම හේතුවෙන් ඒවාට ජලය ලබාගන්නා ජල මූලාශ්‍රවල කොළ රොඩු සහ සත්ත්ව වසුරුඑකතු වී බැක්ටීරියා වර්ධනය වීම නිසා මෙවැනි තත්වයන් ඇතිවන බව වෛද්‍ය කපිල කන්නන්ගර මහෙතා පවසා සිටියේය.මේ වනවිට කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ප්‍රදේශයේ ස්ථාන රැසකින් ජල සාම්පල් පරීක්‍ෂා කිරීම් ආරම්භ කර ඇති අතර,
උණුකර නිවාගත් ජලය මෙන්ම නිවසේම පිළියෙල කරගත් ආහාර වර්ග පමණක් භාවිතයට ගන්නා ලෙසත්,
මළපහ කිරීමේදී එළිමහන භාවිත නොකර වැසිකිළි පමණක් භාවිත කරන ලෙස උපදෙස් දෙමින් යන බවද වෛද්‍යවරයා පැවසීය.එසේම අතීසාර රෝගයේ රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් හෝ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නා ලෙසද ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
(අජිත්ලාල් ශාන්තඋදය)
Comments
Post a Comment
Your comment will be visible after approval