අද සිට උදෑසන 8.30 ත් සවස 4.15ත් දක්වා පමණක් සේවය කරන බවත් විදුලි ඉංජිනේරුවන් කිසිදු අමතර රාජකාරියක් සිදුනොකරන බවත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති, මුජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කරයි. 


විදුලි ඉංජිනේරුවන් කිසිම අවස්ථාවක කඩා කප්පල්කාරී ක්‍රියා සිදු නොකරන බවත්, එහෙත් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට  විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

කෙරවලපිටිය බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස් සියයට 40ක ප්‍රමාණයක් ඇමෙරිකාවට විකිණීමට එරෙහිව විදුලි ඉංජිනේරුවන් විසින් පසුගිය 25 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවත්, අකුරට වැඩ කිරීම සිදුකළත්, විදුලි බිඳ වැටීමක් සිදුවුවහොත් සවස 4.15න් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමට  මෙතෙක් කටයුතු කළ බවත් හෙතෙම පවසා සිටියේය. එහෙත් ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා ඊයේ සිට සවස 4.15න් පසුව සිදුකරන  සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවත්, මේ අනුව අද සිට උදෑසන 8.30 ත් සවස 4.15 දක්වා පමණක් සේවය කරන බවත්,

මීට අමතරව සේවා මුර රාජකාරි සිදුකරන පිරිස්  සේවා මුරවල සේවය කරන අතර, කිසිදු අමතර රාජකාරියක් සිදු නොකරන බවත් සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසීය.  විෂයභාර අමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවත්, විදුලී ඉංජිනේරු සංගමය සිදුකළ කිසිදු ක්‍රියාමාර්ගයකට විසඳුම් ලබා නොගෙන රිවස් කර නොමැති අතර, වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන විට කඩාකප්පල්කාරි වැඩ නොකරන බවත් ඒ මහතා පවසා සිටියේය.