gnasara-islam-priyantha-kumara

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් නැගෙනහිර පළාතේ සිදුකෙරෙන ජනතා අදහස් විමසීම අතරතුර මුහුදු මහා විහාරයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පකිස්ථානයේදී ඝාතනයවූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදි. 
එය මෙසේය.



‘පකිස්තානයේ සියෙල්කොට්හිදී අකාලයේ ඉතාවේදනාබර හැඟීම් සමුදායක් ඉතිරි කරමින් විපතට පත් කුමාර මහතාගේ පවුලේ අයට සංවේගය පළ කරනවා.
ඕනෑම අන්තවාදයක අහිතකර ප්‍රතිඵල දරුණුයි. ඉස්ලාම් අන්තවාදය කියන්නෙ ලෝකයේ කිසිදු අන්තවාදයකටත් කිට්ටුවන්නට බැරිතරම් බිහිසුණු සැහැසි අන්තවාදයක්.එය සියවස් ගණනාවක් පුරා විහිදෙන මානව සංහතියේ සියලුම ජයග්‍රහණවල වටිනාකම් නිර්දය විදිහට පහතට ඇදදමන ආකාරයේ එකක්.

 

දාස් ගාණක් මිනිසුන් ස්මාර්ට් ෆොන් වලින් වීඩියෝගත කරමින් දුක්විඳින මිනිසාගේ වේදනාව ගැන සතුටුවන අමානුෂික අන්තවාදයක්. මෙය මනුෂ්‍යත්වයේ නාමයෙන් ගැඹුරින් විමසා බැලිය යුතුයි.
මෙවැනි විපත් නැවත සිදු නොවිය යුතුයි.අපේ රටෙත් මෝදුවෙමින් පවතින අන්තවාදය යලි නූපදින ලෙස පරාජය කරගැනීමට මේ විපත්තිය සම්පත්තියක් කරගත යුතුයි.
අප රට තුළ දළුලා වැඩෙන මේ අන්තවාදය පරාජයට එක්වන්ව පෙළගැසෙමුයි මේ මොහොතේ ආරාධනා කරනවා.‘




සම්පූර්ණ ප්‍රකාශයේ ඕඩියෝව පහතින්