පළමු වරට මෙරටින් හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත 25 හැවිරිදි කාන්තාව
එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා හෙළි කළ අතර ඇය
එන්නත් නොගෙන මෙරටට අතුලුවුයේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරයි.
මාරවිල ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම තරුනිය නයිජීරියාවේ සිට ලංකාවට පැමිනි බවත් ඇය 24 වනදින සිට නිරෝධායනය වෙමින් සිටියදී ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවත් දන්වා තිබුණි.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ එම කාන්තාවට රටට ඇතුළුවීමට අවසර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval