බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 ට පමණ මිද්දෙණිය පොලිස් වසමේ කාරියමඩිත්ත ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් පුපුරාගිය අතර ඉන් කිසිවෙකුට අනතුරක් සිදු නොවීය.
වාද්දුව පොලිස් වසමේ , මොරොන්තුඩුව පාරේ, එගොඩ මැලෑගම ප්‍රදේශයේ නිවසක ද අද ගෑස් උදුනක පිපිරීමක් වාර්තා විය.
කඩවත මහර කිරිමැටියාගාර ප්‍රදේශයේ නිවසක් තුළ අනතුරක් සිදුව තිබූණේ, අද අලුයම පහට පමණයි.
ගම්පහ කොස්ඕවිට ප්‍රදේශයේ නිවසක් තුළ ගෑස් උඳුනක් පුපුරා ගොස් තිබුණි.
වේයන්ගොඩ හා පල්ලෙවෙල ප්‍රදේශ වල ගෑස් ලිප් 2 ක් පිපිරී ගොස් තිබේ.
අම්බලන්ගොඩ රන්දොඹේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ නිවසක ගෑස් උඳුනක් ඊයේ රාත්‍රියේ පුපුරා ගියේ නිවසේ ගෘහනිය ආහාර සකසමින් සිටියදීයි.
ගෝනාපිනුවල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් අනතුරක් සිදුව තිබූ අතර කන්තලේ අග්බෝපුර නිවසක ද ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් ළිප පුපුරා ගොස් තිබිණ.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.
ත්‍රිකුණාමලය විල්ගම්වෙහෙර ප්‍රදේශයේ නිවසකද ඊයේ රාත්‍රි ගෑස් ලිපක් පුපුරා ගොස් තිබුණි.
මේ අතර අනුරාධපුර තිසාවැව තිස්ස මාවතේ නිවසක ද ගෑස් ආශ්‍රිත අනතුරක් සිදුව තිබේ.
මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මන්නාරම් හන්දිය ප්රදේශයේ ගෑස් ළිපක් පුපුරා ගොස් තිබුණේ ඊයේ රාත්‍රී 7 ට පමණයි.
මීගමුව මුන්නක්කරේ ප්‍රදේශයේ දීත් අද ගෑස් උදුනක් පුපුරාගොස් තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval