අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කර සිටින ජනිත් මධුෂංක (පොඩි ලැසී) ගේ මව දෙසැම්බර් 2 වනදා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ දන්වා සිටියේ තමන්ගේ පුතු රඳවා සිටියදී ජීවිත අවදානමක් පවතින බවයි.


මීට ඉහත මෙවැනි රැඳවුම් කර සිටින අය නිරපරාදේ මරා දැමූ බවත් ‘ටින්කරින් වසන්ත‘ ආසන්න ගොදුර බවත් ‘ආයුධ පෙන්වනවා‘ යන පරණ සුපුරුදු කතාව පොලිසිය මෙහිදී සිදු කරන බවත් ඇය සමග පැමිණි සිරකරු අයිතිවාසිකම් සංවිධානය වෙනුවෙන් ආ නීතීඥ මහතා දන්වා සිටියේය.
තවදුරටත් දේශීය යාන්ත්‍රණ තුළින් ප්‍රතිඵල නොලැබෙන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ආ බව දැක්වීය.