ලංකාව තුළ මේ වනවිට කොවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එක්ව කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය. හෙතෙම සඳහන් කර සිටියේ, දිවයින පුරා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 159ක් තුළ ඇඳන් 17,155ක් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති බවයි.ඒ අනුව ඉන් ඇඳන් 7,669ක රෝගීන් ප්‍රතිකාර ලබන බවද අධ්‍යක්‍ෂවරයා පැවසිය.


කෙසේ වුවද එළබෙන උත්සව සමය පිළිබඳ අවධානය යොමු කරන්නේ කෝවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව මුව ආවරණ පැලඳ  සිටීම අත්‍යවශ්‍ය වන බවත්, එසේම එකිනෙකා අතර මිටරයක පරතරය තබා ගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය මේ අතර, පසුගිය 02 වැනිදා සිට. ඊයේ (08) දිනය දක්වා කාලය සැලකීමේදී දෛනීකව කෝවිඩ් රෝගීන් 700ත් 760ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන අතර, කෝවිඩ් නිසා සිදුවන මරණ ප‍්‍රමාණය දෛනිකව 20ත් 30ත් අතර ප්‍රමාණයක පවතියි. ඒ අනුව එම කාලය තුළ වාර්තා වී ඇතිඑ කෝවිඩ් රෝගීන් ගණන 5205ක් වන  අතර මරණ සංඛ්‍යාව 171කි. මේ අනුව පසුගිය 02 වැනිදා කෝවිඩ් රෝගීන් 25ක් වාර්තා වී තිබෙන අතර, එදින කෝවිඩ් මරණ 26ක් වාර්තා වී තිබේ.

එසේම 03වැනිදා කෝවිඩ් රෝගීන් 740ක් කෝවිඩ් මරණ 27ක් වාර්තා නිබන අතර. 04 වැනිදා කෝවිඩ් රෝගීන් 746ක් හා කෝවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත.පසුගිය 05වැනිදා කෝවිඩ් රෝගීන් 741ක් හා කෝවිඩ් මරණ 21ක්,06වැනිදා කෝවිඩ් රොගීන් 748ක් හා කොවිඩ් මරණ 23ක්, 07වැනිදා. කෝවිඩ් රොගීන් 748ක් හා කෝවිඩ් මරණ 26ක් වාර්තා වී ඇති අතර, ඊයේ (08දා දිනයේදී වාරිතා කළ රොගීන් 757ක් හා කෝවිඩ් මරණ ප්‍රමාණය 28කි. එසේම ඊයේ දිනය දක්වා වාර්තා වන මරණ සැලකීමේදී වයස අවුරුදු 60ට වැඩි පිරිවලින් 76.521ක් වාර්තා වී තිබෙන අතර, වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයෙන් 22.327ක් හා 30ට අඩු වයස් කාණ්ඩවලින් 1.171ක් වාර්තා වී තිබේ.

(නිදර්ශනී වික්‍රමසිංහ)