මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවෙසක කලක සිට පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා, එහි සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි. ඒ අතර නිවෙස් හිමි කාන්තාව සහ මුදලට අලෙවි වෙන කාන්තාව ද සිටි බව පොලිසිය කියයි. මෙම කාන්තාවන් දෙදෙනා කුළුපග මිතුරියන් වන අතර, මුදලට අලෙවි වන කාන්තාවගේ ඉල්ලීම පරිදි, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නිවෙස ලබාගෙන, කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පැවසේ.
ඒ සඳහා පැමිණෙන එක් පුද්ගලයකුගෙන් පැයකට රුපියල් 3000ක මුදලක් ලබාගෙන ඇති අතර, නිවස හිමි කාන්තාවට ඉන් රුපියල් 500ක මුදලක් ලබා දී ඇතැයි පැවසේ. මේ පිළිබඳව මත්තෙගොඩ පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, එම අවස්ථාවේ දී ද පුද්ගලයකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සැකකාරියන් සිට ඇති බව ද පැවසේ. මෙම ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ලැබෙන පරිද්දෙන්, තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයන්ට අලෙවි කර ඇතැයි ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුරේෂ්ට විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
-ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-
Comments
Post a Comment
Your comment will be visible after approval