උප්පැන්න සහතිකයක "ජාතිය'' සඳහන් නොකර සිටීමට හැකියාවක් තිබේදැයි රෙජිස්ට්‍රාර් ජනරාර්වරයාගෙන් විමසා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (16)දා නීතිපතිවරයාට නියම කළේය.සිය පුත්‍රයාගේ උප්පැන්න සහතිකයේ "ජාතිය' 'ශ්‍රී ලාංකික වශයෙන් සඳහන් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් එම ස්ථානය 'හිස්ව' තබන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නීතිඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කර තිබූ පෙත්සමත් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගම්පොල යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ වූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.සිය පුත්‍රයාගේ උපැන්න සහතිකයේ 'ජාතිය' 'ශ්‍රී ලාංකික වශයෙන් සඳහන් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් එම ස්ථානය "හිස්ව' තබන ලෙසත් කළ ඉල්ලීමක් හේතුවෙන් එම උප්පන්නය ලියාපදිංචි. කිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි. සිය දරුවාගේ උප්පැන්නය ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි 'ජාතිය' සඳහන් වන ස්ථානයේ 'ශ්‍රී ලාංකික' වශයෙන් සඳහන් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් එම ස්ථානය හිස්ව තබන ලෙසත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියද, ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර නීතිඥ නුවන් බෝපගේ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත.
තම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ටර් ජනරාල්වරයා ගත් තීරණය යුක්තිසහගත නොවන බවත්, ඒය ඔහුට පැවරී තිබෙන බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවත් පෙන්වා දෙන නුවන් බෝපගේ මහතා,
සිය දරුවාගේ උප්පැන්නය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ගත් තීරණය බල රහිත කිරීමේ රට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කළේය.තම පුත්‍රයාගේ උප්පැන්න සහතිකයේ ජාතිය සඳහන් කළ යුතු ස්ථානයේ දී 'ශ්‍රී ලාංකික' වශයෙන් සඳහන් කරන ලෙසත්, එසේ කළ නොහැකි නම් එම ස්ථානය 'හිස්ව' තබන ලෙසත් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින නුවන් බෝපගේ මහතා, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු සිය පුත්‍රයාගේ උප්පැන්නය ලියාපදිංචි කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියම කළ අභියාචනාධිකරණය, මෙම පෙත්සම යළි කැඳවනු ලබන පෙබරවාරි 17 වැනිදා ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය. පෙත්සම්කාර නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
(බුද්ධිමාල් රුබේරු)
Comments
Post a Comment
Your comment will be visible after approval