තක්කඩි කට්ටඩියන්, හොර ශාස්ත්‍රකාරයන්, නක්ෂත්‍රකරුවන් බලිතොවිල් කාරයන්, මිනිසුන් රවටා සිදුකරන ක්‍රීයාවිමර්ශනය සඳහා පරිසර, අපරාධ, සුළු පැමිණිලි, රථ වාහන, පුරා විද්‍යා, අංශවලට අමතරව සෑම පොලිසියකම හොර තක්කඩියන් සිදුකරන, අපරාධ විමර්ශනයටද විශේෂ අංශයක් ස්ථාපිත කළ යුතු බව පෙනෙන්ට ඇත්තේ මේ හොරුන් සිදු කරන අපරාධවල ප්‍රවණතාවක් දක්නට ඇති බැවිනී.
මිත්‍යාව වපුරන්නන් මිනිසුන් රවටමින් ඔවුන් සතු මිල මුදල් ඇතුලු වටිනා දේ ඩැහැ ගන්නවාට අමතරට කාන්තාවන් මුලාකොට ඔවුන්ගේ පිවිතුරු බව ද නැතිකළ අවස්ථා කියා නිම කළ නොහැකි තරමය. මේ කන්කඩි හොරමැරකම්,වංචනික ක්‍රියා ගැන ජනමාධ්‍ය මගින් දිනපතාම පාහේ හෙළිකළත් මේ අයට රැවටෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද නිමක් නොදකින් බොහෝ දෙනෙක් මිත්‍යා විශ්වාස වලම එල්බගෙන සිටින බැවිනි.දැනුම් තේරුම් නැති මිනිසුන් මුලාකරන කට්ටඩියා සිදුකළ එවැනි අපරාධයක් ගැන පසුගිය දා වාර්තා වුයේ කුරුණෑගල දිසාවේ වාරියපොල,
බමුණාකොටුව ප්‍රදේශයෙනි.බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචි යුවලකට වයස අවුරුදු 03පුතකු සිටියේය.
මේ පුතු පුංචි කල සිටම තරමක රෝගී තත්වයෙන් පෙළුණු නිසා මේ අඹුසැමියෝ සිටියේ කණගාටුවෙනි. පුතුගේ රෝගය සුවකරගැනීම සඳහා ඔවුන් නොකළ දෙයක් නැත මේ අතර ඔවුන් ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්නේ ඒ මාර්ගයෙන් හෝ දරුවා සුවකර ගැනීමට හැකි වෙතැයි සිතාගෙනය.පුංචි දරුවා පරීක්ෂාකරන විශේෂඥ වෛද්‍යවරයා දරුවාගේ රෝගීතත්වය සොයා ගත්තේය. එය අපස්මාරයයි.දරුවා සුවකිරීම සඳහා ඔහු ප්‍රතිකාරද නියම කළේය. අඹු සැමියන් දරුවාට එම ප්‍රතිකාර එතැන් පටන්ලබාදීමට කටයුතු යොදා තිබිණි. මෙම විද්‍යාව මෙතරම් දියුණු ලෝකයක මිත්‍යාවද ඒතරමටම මිනිසුන් අතර කිඳා බැස ඇතිබව මුසාවක් නොවේ. කිසියම් අයකු රෝගී තත්වයකින් පසුවනවිට ඔහුට හෝ ඇයටයි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරේ ගොඩ වෙදුන් හදිහූනියම් කාරයන් බලිතොවිල් කරුවන්, පේන කියන්නත් කට්ටඩියන් ඇතැම් රෝගීන්ගේ ඥාතින් පසුපස එන්නේ රෝගය සුව කරන මුවාවෙන් ගාණක් කඩා ගන්නටය. ඇතැම් පුද්ගලයන් වැනි ඇතැම් නුගත් මෝඩ මිනිසුන්ට වංචනිකය ගැන ඉතා රසකර තොරතුරු කියා අසරණව සිටින මිනිසුන් තවත් අසරණකර හිතාමතා වන්නටත් බැරි නැත, වාරියපොල බමුණාකොටුවේ අඹු සැමියන්ටත් සිදුවන්නේද එවැනි සින්තැසියකි.පුතුගේ රෝගය සුවකර ගැනීම සඳහා හතර අතේ යන යම් අඹුසැමියන්ට කිසියම් වැදගත්” තොරතුරක් රැගෙන එන්නේ දන්නා කියන අයෙකි.
ඔහු ගෙන ආ ආරංචිය මේ අඹුසැමියන්ගේ කණට මී පැණී වත්කරනවා හා සමානවන්නට ඇත.මේ පුද්ගලයාගෙන ආ එම ආරංචියවුයේ දැරණියගල ප්‍රදේශයේ වසන කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇති පුද්ගලයකු ගැනය. තමා සෘෂිවරයකු ලෙස හඳුන්වන යම් තැනැත්තාට ඕනැම දෙයක් අදෘෂ්‍යමාන බලවේගය භාවිත කර සිදුකළ , හැකි බවද විශේෂයෙන්ම සුවනොවන රෝග එම බලයෙන් සුවකළ හැකි බවද අදාල පුද්ගලයා දරුවාගේ මව්පියන්ට පවසා තිබිණි. මේ ආරංචිය අසා පස්වනක් ප්‍රීතියට පත් අඹුසැමියන් අදාල සෘෂිවරයා සොයා දැරණියගල ප්‍රදේශයට යන්නේ දරුවාද කැටුවය. තමා සෘෂිවරයායැයි කියාගන්නා පුද්ගලයා හමුවන මේ අඹුසැමියන් දරුවා ඔහුට පෙන්වා රෝගී තත්වය සුවකරදෙන ලෙස ඉල්ලා සිටින්නේ බැගැපත්වය.
දරුවා පරීක්ෂාකර බලන‘සෘෂිවරයා' පවසන්නේ තමන්ගේ අදෘෂ්‍යමාන බලය පාවිච්චිකර දරුවා සුවපත්කළ හැකි බවය.දැරුවාට වැළඳී ඇත්තේ 'කාමයක්ෂ දෝෂය' බව පවසන සෘෂිවරයා එය දරුවාගෙන් ඉවත් කිරීම සඳහා ටික කාලයක් ගතවන බවද ඒ අතර සිදුකළ යුතු වැඩකටයුතු රැසක් තිබෙන බවද පවසන්නේ දරුවාගේ මව්පියන්ගේ සිත්වල බලාපොරොත්තු නංවමිනි. පුතුගේ කාමය දෝෂය ඉවත් කිරීම සඳහා තමන්ට කළහැකි ඕනෑම දෙයක් ඉටුකිරීමට අඹු සැමියන් සුදානමින් පසුවුහ. ඒගෑන සෘෂිවරයාද හොඳදැන සිටින්නට ඇත.ම
ේ සෘෂිවරයා ඒමොහොතේ පවසන්නේ පුදුමාකාර කතාවකි. 'කාම යක්ෂයා පුංචි පුතුගේ සිරුරෙන් ඉවත්වන්නේ දරුවාගේ මවි පියන් විසින් සොයා දෙන වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් සමග තමත් යහන්ගත වී පමණක් බව පවසන්නේ ඉතා බැරෑරුම ලෙසටය.මොහු ඉල්ලන දේ ගැන වටහා ගැනීමට සුදුසු මනසක් ඒ මොහොතේ නොතීබුණු අඹු සැමියන් ඉන් අනතුරුව කල්පනාකර ඍෂිවරයාට වයස අවුරුදු 30ට අඩු කතක් සපයන්නේ කෙබඳු ලෙසද යන්නය.දරුවාද කැටුව නිවෙසට පැමිණෙන මේ දෙදෙනා,
ඍෂිවරයාට වයස අවුරුදු 30ට අඩු කතුන් දුගුකාලයකට විටින් විට සපයන ක්‍රමයක් ගැන කතාවන අතර මේ කාරිය භාරවන්නේ බිරියටය. සමහර කතුන් මේ සඳහා නිකම්ම ඉදිරිපත් නොවන නිසා ඔවුනට මුදල් ලබාදීමටද සිදුවන බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමටද මේ යුවලට සිදුවිය.පුතුගේ කාම යක්ෂය ඉවත්කිරීම සඳහා දැරණියගල සිට වාරියපොලට එන ඍෂිවරයාට වයස අවුරුදු30ට අඩු කතුන් සැපයීම පටන්ගන්නේ එතැන්සිටය.මේ අතර දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ද පෙර පරිදි ලබාදීම සිදුකැරිණි. වෛද්‍යප්‍රතිකාර නිසා දරුවා ක්‍රමයෙන් සුවය ලබමින් සිටියේය. තම දරුවාගේ 'කාමය දෝෂය' සුවකිරීම සඳහා අනුගමනය කරන ලද වැඩපිළිවෙල නිසා දරුවා සුවය ලබමින් සිටින බවට සෘෂිවරයා පවසන් ඔය අතරය.දරුවා දැනටසුව වී ඇත්තේ 95% පමණ නිසා ඉතිරි හරිය සුවකර ගැනීම සඳහා තවත් කතුන් තමන්ට සොයාදෙන ලෙස පවසාතිබිණි. පුතු රෝගයේ ඉතිරි හරිය සුවකර ගැනීම සඳහා බිරිය,කතුන් කීපදෙනකු හමු වීමේ ගැන පවසා ඔවුන්ගෙන් ඉල්ලන්නේ සෘෂිවරයා සමග යහන්ගතවන ලෙස බැගැපත්වෙමිනි.
ඒ සඳහා රුපියල් දසදහස බැගින් ගෙවීමටද ඇය සුදානමින් පසුවුවාය. මේ වනවිට සෘෂිවරයා අවුරුද්දක පමණ කාලය පුංචි පුතුගේ මව සොයාදෙන කාන්තාවන් සමග අඹුසැමියන්සේ ගතකර තිබිණි.මේ කතාව ප්‍රදේශය පුරා කනින් කොනින් ප්‍රචාරය වන්නේ ඔය අතරය. මෙම අදාල කාන්තාව තමන්ටද මේ අයුතු යෝජනාව ගෙන ආ බව කියමින් ප්‍රදේශයේ කාන්තාවන් තුන්දෙනකු පොලසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. වාරියපොල පොලීසියේ කාන්තා සහ ළමා කාර්යාංශයට මේ පිළිබඳ විමර්ශනය භාරවිය. අදාල කාන්තාවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකර කටඋත්තර ලබා ගන්න ඉන් පසුවය, තමා අමාරුවේ දැමූ සෘෂිවරයා ඒ වන විටත් ආගිය අතක් නැති බව මේ මව දැන සිටියේ නැත, මෙවැනි කට්ටඩියකැදුරන් ශ්‍රාස්ත්‍රකරුවන් පේන කියන්න බලිතොවිකරුවන් දේවාල කෝවිල් අටවාගෙන සිටින පුද්ගලයන් සිදුකරන අපරාධවල නිමක් නැති බවපෙනෙන්නට ඇත්තේ ගම්පහ දීසාවෙන් පසුගියදා වාර්තා වූ තවත් එ වැනිම සිදුවීම නිසාය.
ගම්පහ සිරිමල් උයන ප්‍රදේශයේ එලෙස පවත්වාගෙන යන දේවාලයක යකැදුරකු අතින් අවුරුදු දාසයයි මාස අටක් වයසැති දියණියක් අපයෝජනය වී තිබිණි. අපල දෝෂසුවකරගැනීම සඳහා මව සහ ඥාති පිරිසක් සමග එහි යන මේදියණිය නැවත වරක් එහි ගිය අවස්ථාවේදී මේ යකැදුරා ඇය අපයෝජනයකර ඇත්තේ එමදීයණියට කායික දෝෂයක් ඇති බව පවසමිනි. 'සාධු' නමින් හඳුන්වන මේ පුද්ගලයා එම දියණිය අපයෝජනය කිරීමට පෙර ඇගේ කේන්ද්‍රය බලා තිබිණි 'සාධු' ආර්ය උත්තමයෙක්.
ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙන කෙනෙක්. එවැනි පුද්ගලයෙක් තරුණියක් වැළඳ ගත්විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනගා ඒ ගැනීමට හැකියාව ලැබෙනවා,පෘතග්ජන අයටමෙන් සාධුට රාගසිතක් පහලවෙන්නේ නෑ. යැයි සැකකාර යකැදුරා මේදියණියට මුලින් පවසා තිබුණු බවද හෙලවිය.ඉන්අනතුරුව 'සාධු' මේ දියණියගෙන් ඉල්ලා සිටින්නේ තම කුටියට පැමිණ තමාගේ දෙපා සම්බාහනය කරන ලෙසය.සාධු මුලින් කී දේ විශ්වාස කළ දියණිය ඔහුගේ කුටියට යන්නේ බියකින් සැකයකින් තොරවය.'සාධු' තමාට ලිංගික අතවර කිරීමට තැත්කළත් තමා ඊට එකග නොවු නිසා ඔහු ආර්ය බලයෙන් තමා ඊට පොළඹවා ගත්බවද මේදියණීය පොලීසියට ප්‍රකාශ කළාය.සැකකාර 'සාධු'රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ ඉන් අනතුරුවය.
- අමල් රණබාහු -
Comments
Post a Comment
Your comment will be visible after approval