central-bank-message

ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස් මුදල් එවන අයට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
එය පහතින්
සමහර  විදේශගත  ශ‍්‍රී  ලාංකිකයින්,  ශ‍්‍රී  ලංකාවේ  තම  යැපෙන්නන්ට  විදේශ  මුදල්  ප්‍රේෂණය  කරන  විට,  
දැනුවත්ව හෝ නොදැනුවත්ව, විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බවට තොරතුරු
ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුය.
එසේ කෙරෙන විට, සමහර තැරැව්කරුවන් වෙනත් රටවලින් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු
කර ගනිමින්, ඊට සමාන්තරව ශ‍්‍රී ලංකාවේ රුපියල් මඟින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම් වලට ”මුදල් ̃


වශයෙන් බැර කරන අවස්ථා පිළිබඳවද, මූල්‍ය පද්ධතිය හරහා ඔවුන්ගේ ගිණුම්වලට බැර කරන
අවස්ථා පිළිබඳවද, මහ බැංකුවට තොරතුරු ලැබී ඇත. එම අවස්ථාවලදී එම ගනුදෙනු මුදල් විශුද්ධිකරණ
පනතට පටහැනි නිසා, එම ගනුදෙනුවල නිරත වන සිය ̈ම පාර්ශවයන් නීතියෙන් දඩුවම් ලැබිය හැකි වැරදි
කරන බව ඔවුන් නොදන්නවාත් ඇත. තවද, බොහෝ විට, මෙම ගනුදෙනු වල මුලික පදනම මත්ද්‍රව්‍ය හෝ

වෙනත් නීති විරෝධී ජාවාරම් විය හැකි බවද, දැනට ලැබී ඇති තොරතුරු වලින් සැක මතුවී ඇත.
එහෙයින්, මෙවැනි නීති විරෝධි කටයුතු වලට නොදැනුවත්ව හෝ දැනුවත්ව ගොදුරු නොවන ලෙසත්, එවැනි
ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී කටයුතු වලට කිසිවිටෙක සම්බන්ධ නොවන ලෙසත්, සිය ̈ම විදේශගත ශ‍්‍රී
ලාංකිකයින්ගෙන්  සහ  මෙරට  සිටින  ඔවුන්ගේ  යැපෙන්නන්  වෙත  ශ‍්‍රී  ලංකා  මහ  බැංකුව  විසින්  මෙම  
පණිවිඩයෙන් දැනුම් දෙනු ලැබේ.
ඉහත කී ජාවාරම්කරුවන්ට ගොදුරු නොවී, තමන්ගේ විදේශ පේ‍්‍රෂණ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට
ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යාන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක්


ශ‍්‍රී ලංකාවට එවීමටත්, එලෙස එවනු ලබන මුදල් ශ‍්‍රී ලංකාවේ නිල ගිණුම් හරහා පමණක් බැර කර ගැනීමටත්
කටයුතු කරන මෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය ̈ දෙනාටම ඉතා ඕනෑකමින් උපදෙස් දෙනු ඇත.