ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ කණගාටුදායි පුවත දෙසැම්බර් 03 වනදා වර්තා විය.
මියයන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය. ටික කලෙක සිට අසනීප තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබා මෙලෙස සමුගෙන ගියේය. දෙදරු පියෙකු වූ සරත් චන්ද්‍රසිරි මහතා පදිංචිව සිටියේ බණ්ඩාරගමයි.
රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහතාගේ දේහය අංක 176/A බණ්ඩාරගම ගල්තුඩේ නිවසේ සෙනසුරාදා සවස සිට තැන්පත් කොට ඇති අතර කලාකරුවන් රැසක් අවසන් බුහුමන් දැක්වීම සඳහා ඒ වෙත ගොස් ඇති බව දැනගන්නට ලැබේ.
චන්ද්‍රසිරි මහතාගේ අවසන් කටයුතු 6 සදුදා පස්වරු 4ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදි සිදුකරන්නට නියමිත බව පවුලේ ආරංචි සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval