පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගෑස් පිළිබඳව සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව අදාළ තාක්ෂණික කමිටුව එම කොන්දේසි නිර්දේශ නිකුත් කර ඇති බවය.
1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම
2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවඳ හඳුනා ගැනීම සඳහා මාර්කප්ටන් අඩංගු කිරීම
3. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Serial Number කර පාරිභෝගික කටයුතු අධිකාරියට ලබාදීම
මෙරට ගෑස් අලෙවි කරන ලිට්රෝ හා ලාෆ්ස් වෙළෙඳ සමාගම් දෙක වෙත මෙම කොන්දේසි දන්වා ඇත.
ගෘහස්ත ගෑස් රැගත් නෞකා කොළඹ වරායට සේන්දුවී ඇති බවද එම නෞකාවල පරීක්ෂා කරන ලද ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූල බව පාරිභෝගික කටයුතු අධිකාරිය තහවුරු කරන බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval