Namal-and-Prasanna-go-to-Priyantha-Kumara-house-in-Ganemulla
පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන (48) මහතාගේ ගනේමුල්ලේ කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (4) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගොස් ඔහුගේ පවුලේ ඥාතීන් හමුවූහ.


සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට මෙන්ම මෘත දේහය යලි ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී අවශ්‍ය සහය සපයන බවට පොරොන්දු විය.
මෙම අවස්තාවේ මියගිය ප්‍රියන්තගේ පුතුන් දෙන්නා හා විවාහක බිරියත් සොයුරා ඇතුළු පවුලේ ඥාතීනුත් පැමිණ කතාබහට එකතුවිය.

 ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයකින් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි. සිරුර මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
ඝාතනයට ලක්වු ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් සඳහා වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු ද සිදු කරමින් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා ඇත.