power-cut-shedule

අද ඉරිදා (05) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් සිදු කළ විමසුමේදී විදුලි බල මන්ඩලය විදුලිය නොකපන බවටත් මාධ්‍ය ප්‍රකාශක කැපීමක් සිදුවිය හැකි බවටත් දන්වා ඇත.
(කෙසේ වෙතත් සවස 6ට ස්ථාන කිහිපයකම විදුලි කප්පාදුව සිදුව ඇත)

 සාමාන්‍යධිකාරී ආර් එම් රණතුංග මහතා දන්වා ඇත්තේ එවැන්නක් අද සිදු නොකරන බවයි.
කෙසේ වෙතත් සඳුදා 06 හා අඟහරුවාදා 07 දිනයන්හි සන්ධ්‍යා කාලයේ 6.00 ත් 0.30 ත් අතර පැයක පමණ කාලයක් තැන් තැන් වල විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි දන්වා ඇත.




මේ කප්පාදුව 08 වනදා සිදු නොකර එයින් අවසන් කරන්නට උත්සාහ ගන්නා බවත් නොරොච්චෝලේ ප්‍රතිස්ථාපනය කොටස් වශයෙන් සිදුවන බැවින් 08 බදාදා වනවිට එය ප්‍රතිස්ථාපනය වන නිසා ඉන්පසු කප්පාදුව අවසන් කරන්නට හැකිවනු ඇතැයිද ඔහු දන්වා සිටියේය.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් අද දින කප්පාදුව ගැන විමසීමේදී ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් පද්ධතිය පාලනය කිරීමට  විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බවයි.
දිවයින පුරා ඉකුත් 03වනදා සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.