බොලිවුඩයේ ප්‍රකට නළු නිළි දෙපළක් වන කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් බ්‍රහස්පතින්දා විවාහ ගිවිස ගත්හ. පසුගිය දිනවල මේ දෙන්නාගේ විවාහය ගැන ආරංචි ඉන්දියානු සිනමා ලෝලීන් අතර පැතිර ගියේ කලෙක පටන් පැවති පෙම් සබඳතාව මල්ඵල ගන්වන බව පසක් කරමිනි.




මෙම යුවළ අඟහරුවාදා අමුත්තන් සඳහා පෞද්ගලික උත්සවයක් පැවැත්වූ අතර බදාදා හල්ඩි සහ සංගීත උත්සවවලට සහභාගී වූහ.
මෙම උත්සවය රාජස්ථාන් සවායි මධෝපූර් නගරයේ අතිවිශිෂ්ට Six Sense Fort Barwara හි පැවැත්විණි. උත්සව අවස්ථාවන්හිදී තම දුරකථන භාවිත කිරීමෙන් වළකින ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටි නිසා ඡායාරූප පැතිරගියේ නැත.
ගිවිස ගැනීම පමණක් සිදුවූ පසු ඡායාරූප 4 ක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින්නට කත්‍රිනා කටයුතු කලාය. 2022 ලබන වසරේ විවාහ මංගල්‍යය ඉහළින් සමරන බව වාර්තාවේ.
වාර්තා වලට අනුව, Katrina Kaif සහ Vicky Kaushal 2019 වසරේ සිට පෙම් සබඳතාවක් පවත්වමින් සිටියද, ඔවුන් දෙදෙනාම එම සම්බන්ධය ප්‍රසිද්ධියේ තහවුරු කළේ නැත. කෙසේ වෙතත්, ඔවුන් අවස්ථා කිහිපයකදීම එකට හමු වී, සාදවලට සහභාගී විය.  ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ පළමු පින්තූර බෙදා ගනිමින්. “අපව මේ මොහොතට ගෙන ආ සෑම දෙයකටම අපගේ හදවත් තුළ ආදරය සහ කෘතඥතාව පළකරමු. අපි එක්ව මෙම නව ගමන ආරම්භ කරන විට ඔබගේ සියලු ආදරය සහ ආශිර්වාදය පතමු ” සටහන් ලියා ඇත.

බොලිවුඩයේ සිටින ඔවුන්ගේ බොහෝ සගයන්ගෙන් සුබ පැතුම් පණිවිඩ ගලා ආවේය. "අනේ දෙවියනේ ඔයාලා හරිම ලස්සනයි" ආලියා භාට් හෘද ඉමෝජි පොකුරක් සමඟ ලියුවාය. ප්‍රියංකා චොප්රා අදහස් දක්වමින්, “ඔබ ගැන ගොඩක් සතුටුයි! Mere yaar ki shaadi hai (එය මගේ මිතුරාගේ විවාහ මංගල්‍යය)! ඔබ දෙදෙනාටම සුබ පැතුම්! ඔබ දෙන්නා පරිපූර්ණයි. ” ලියුවාය.