ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ.
කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා ආදර්ශන ගොවිපොළ ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි.
කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ආදර්ශ ගොවිපොළ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු මෙහි සිදු කෙරෙන සේවවාන් වඩාත් පුළුල් කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මැල් - ජනාධිපති මාධ්‍ය අංශය)
Comments
Post a Comment
Your comment will be visible after approval