පසුගිය18 වන දින දහවල් කාලයේදී හුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු මුදලට විකිණීම සම්බන්ධයෙන් වයස. අවුරුදු 61 ක් වූ සුජීව හෝටලය,
තිස්සපුර රන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රේමතිලක අමරවීර යන අය අත්අඩංගුවට ගෙන හුංගම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටියදී ඇතීවූ අසනීප තත්වයක් හේතුවෙන් සිරමැදිරිය තුල ඇද වැටීමෙන් අනතුරුව රන්න රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව වාර්තාවිය.හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ ඔහුගේ මරණය පොලිසිය තුළදී සිදුව තිබීම සැක බව දක්වමින් උද්ඝෝෂණද පැවතිණි.
මියගිය අය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ ඉරිදා 19 වන අද දින හම්බන්තොට රෝහලේදී හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී තුමිය විසින් සිදු කරන ලද අතර මෙම මරණයට හේතුව ලෙස හෘදයාබාධයකින් රුධිර වාහිනී අවහිරතාවයක් නිසා සිදු වූ මරණයක් ලෙස වාතිව ලබාදී ඇත.
මොහු එක්වරම ඇද වැටෙන අයුරු සීසීටීවී වීඩියෝවක්ද පෙර නිකුත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval